වයස 30ට වැඩි සියල්ලන්ට එන්නත්කරණය අදින් ඇරඹේ !

Published in පුවත්
Tuesday, 11 May 2021 10:43

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන තිස්පහකදී වයස අවුරුදු තිහට ඉහළ සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීමට කොවිඩ් කමිටුව ඊයේ (10 වැනිදා) සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්ක තුන සඳහා දිස්ත්‍රික්කයකට එන්නත් ලබාදෙන ස්ථාන දහය බැගින් වෙන් කර එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කොවිඩ් කමිටුව උපදෙස් ලබා දී ඇත.

එම එන්නත්කරණ වැඩසටහන අද (11 වැනිදා) සිට ක්‍රියාත්මක වන අතර එහි දී දිනකට එන්නත් විසිපන්දාහක් ලබා දීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව කොළඹ නගර සභා සීමාවට අයත් කොම්පඤ්ඤ වීදිය නාගරික බෙහෙත් ශාලාව, වැල්ලවත්ත පොදු වෙළෙඳ සංකීර්ණය, ඛෙත්තාරාම පන්සල, නිව් බසාරි මාතෘ නිවාසය, මුගලන් පාර සිතුමිණ මධ්‍යස්ථානය යන මධ්‍යස්ථාන පහේදී නාගරික ප්‍රදේශ ජනතාවට එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇත.

වසංගත රෝග විද්‍යා අංශය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මාර්ගයෙන් මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර අවශ්‍යතාව අනුව සෞඛ්‍ය අංශවලට හමුදාවේ සහායද ලබා දීමට නියමිතය.

අඛණ්ඩව මෙම එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා එන්නත් ලබා දීමට රුසියාව හා චීනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එකඟතාව පළකර ඇති බව කොවිඩ් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us