එන්නත ලබා නොදෙන්නේනම් තැපැලත් වර්ජනයකට සැරසේ !  

Published in පුවත්
Wednesday, 12 May 2021 11:02

කොවිඩ් එන්නත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ලබා නොදෙන්නේ නම් ඔවුන් සේවා කටයුතුවලින් ඉවත් කර ගැනීමට සිදු වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් සදහන් කර තිබේ.

පවතින අවදානම් තත්ත්වය මත වුවත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ද වැඩිහිටි දීමනාව පමණක් නොව විශ්‍රාම වැටුප් ගෙවීම් කටයුතු පවා ක්‍රියාත්මක කෙරෙන බවත් කී හෙතෙම මේ වන විට සේවකයන් හැත්තෑවක පමණ පිරිසකට වෛරසය ආසදනය වී තිබෙන බවත් අනාවරණය කර ඇත.

පවතින සංචරණ සීමා තත්ත්වයන් තුළ තැපැල් සේවා අත්‍යවශ්‍ය ගණයට ඇතුළත් නොකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලුවක් ද මතු වී තිබේන බවයි ඔහු සදහා කරේ.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවත් දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාම තීරණය කෙරෙන්නේ ඒ අනුව බවත් තැපැල්පති රංජිත් ආරියරත්න පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us