කොරෝනා වෛරසය නැසීමට ප්‍රතිවෛරසයක් නිපදවේ !

Published in පුවත්
Friday, 21 May 2021 13:26

ලොව සියලු රටවලට බලපා තිබෙන කොරෝනා වෛරසය නැසීම සඳහා පර්යේෂණාගාරයක් තුළ ප්‍රතිවෛරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයට අනුයුක්ත මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් එම නව ප්‍රතිවෛරසය නිපදවා ඇත.

මෙහිදී මෙම ප්‍රතිවෛරසය කෘත්‍රිමව නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ ජාන කේතය හඳුනා ගැනීමෙන් පසුව යැයි ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අනුව දැනට පර්යේෂණ මට්ටමේ පවතින ප්‍රතිවෛරසය මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වයිරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් පවතින බව සොයාගෙන ඇත.

එහි සාර්ථකත්වය මැන බැලීම සඳහා කොරෝනා වෛරසය මීයන්ට ආසාදනය කර අනතුරුව ප්‍රතිවෛරසය මියන්ගේ සිරුරුවලට ඇතුළු කර ඇත. මෙහිදී මීයන්ගේ පෙනහළුවල ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ සියයට 99.9 ක් විනාශ කර දැමීමට නව ප්‍රතිවෛරසය සමත් වී තිබේ.

Last modified on Friday, 21 May 2021 13:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us