මැයි 28න් පසුව මොකද වෙන්නේ ?? ශවේන්ද්‍රගෙන් පැහැදිලි කිරීමක් !

Published in පුවත්
Saturday, 22 May 2021 12:00

මැයි මස 28 වන දිනයෙන් පසුව ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ ද යන තීරණය කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම තීරණය පිළිබඳ සාකච්ඡාව ජනාධිපතිවරයා සමඟ මැයි මස 25 වන දිනයෙන් පසුව පවත්වන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (21) රාත්‍රී 11 සිට සංචරණ නීති ක්‍රියාක්මක වීම ආරම්භ වු අතර, එය ලබන 25 වනදා උදෑසන 4.00 දක්වා ක්‍රියාත්මක වේ.

නැවතත් 25 වනදා රාත්‍රී 11 සිට 28 වනදා අලුයම 4.00 දක්වා සංචරණ නීති ක්‍රියාත්ම කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

නමුත් ඊයේ දිනයේ දී වෛද්‍ය සංගම් 4ක් එකතුව පවසා සිටියේ, ලබන 25 වන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“කියන දෙයක් අපේ කාර්ය සාධක බලකායට කිව්වා නම් ඒක සාකච්ඡාවට භාජනය කරලා සුදුසුම ක්‍රියාවලිය ගන්න පුළුවන්. ඒ අතර 28 වන දා උදෑසන දක්වා දැනට තිබෙන ක්‍රමවේදය අනුව සංචරණ සීමා පනවා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා 25, 26 හෝ 27 දිනවල දී සාකච්ඡාවක් පවත්වලා අපට අවශ්‍ය වුනොත් තත්ත්වය සලකා බලා තව දුරටත්සංචරණ සීමා දීර්ඝ කරනවා ද කියන එක තීරණය කළ හැකියි කියලා. එහිදී කවුරුදු එපා කිව්ව කතාවක් නෑ. ජනාධිපතිවරයා ඊයෙත් ඒක කිව්වා අපිට 25, 26 හෝ 27 වෙද්දි ඊළඟ සති අන්තයත් මේ වගේ සංචරණ සීමා පනවනවා ද එතනිනුත් එහාට තවදුරටත් දින කිහිපයක් වැඩි කරන්න අවශ්‍ය නම් ඒකත් අපි සලකා බලන්න පුළුවන් කියන කාරණය.“
යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us