ජුනි දෙවන සතිය වනවිට රෝගීන්ගේ අඩු වීමක් !

Published in පුවත්
Monday, 31 May 2021 15:15

ජුනි මාසයේ දෙවැනි සතිය වනවිට කොවිඩ් රෝගීන්ගේ සැබෑ අඩුවීමක් දැක ගත හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු පවසන්නේ සංචරණ සිමා පැනවීමත් සමග දිනකට පැතිරෙන රෝගීන් ප්‍රමාණය දින 14කට අඩු වීම ඊට හේතුව බවයි.

එහෙත් මෙම කාල සිමාව තුළදී වාර්තා වූ රෝගීන්ගේ යම් අඩුවක් පෙන්නුම් කළද මරණ සංඛ්‍යාවේ අඩුවීමක් සිදු වී නොමැති බවද ඔහු සදහන් කර ඇත.

එම නිසා ඉදිරියේදී සංචරණ සිමා ඉවත් කර දැඩි නීති රීති පැනවීමක් සිදු නොකළහොත් නැවතත් විශාල අර්බුදයකට යා හැකි බවද සභාපතිවරයා සඳහන් කර තිබේ.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ මේ දිනවලදී සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා දින 3ක් තුළදී ලැබීම හොඳ ප්‍රවණතාවක් වූවද මීට පෙර සිදු කළ විසි පන්දහසක පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය මේ වන විට පහළොස්දහස දක්වා අඩු වීම කනගාටුදායක තත්ත්වයක් බවය.

දිනකට ආසාදිතයන් 2500ක් වාර්තා වන අතර ඉන් පළමු පෙළ ආශ්‍රිතයන් එක් අයකුගෙන් තිදෙනෙකු වාර්තා වුවහොත් පුද්ගලයන් 7500ක් හෝ නිරෝධායනය කිරීමට සිදු වේ. එලෙස නිරෝධායනය කරන 7500ක පිරිස දින 10කට පසු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන අතර එම පිරිසෙන්ද තවත් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වේ.

එම නිසා දැනට පවතින අවධානම එලෙසම පවතින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරයි.
එමෙන්ම මේ වන විට අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු නොකිරීම මගින් සමාජයේ සිටින නව පොකුරු වර්ධනය විය හැකි වේ.

ඒ අනුව ඉදිරියේදී සංචරණ සිමා ඉවත් කළ සැණින් දැනට නිවෙස් තුළ සිටින හඳුනා නොගත් ආසාදිතයන් අතර ඇති කොවිඩ් පොකුරු සමාජයේ පැතිර යා හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us