සංචරණ සීමා කාල තුල විවෘත වූ වෙළෙඳසල්වලට වැඩ වරදින ලකුණු !

Published in පුවත්
Wednesday, 02 June 2021 12:49

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් කොට්ඨාස මට්ටමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වෙළෙඳසල් විවෘත කිරීම හේතුවෙන් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව වෙළෙඳසල්වලට ගමන් කිරීම වැඩි වී ඇති බව නිරීක්ෂණය කර ඇත.

එසේම ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන්ද වෙළෙඳසල් විවෘත කිරීමට සහයෝගය ලබාදී ඇති බවටද පොලිස් මූලස්ථානයට පැමිණිලි ලැබී තිබේ.

මෙම නිසා යුද හමුදා බුද්ධි අංශය, රා​ජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය, කොට්ඨාස බුද්ධි නිලධාරීන් හා බස්නාහිර පළාත් බුද්ධි ඒකකය ඒකාබද්ධව විවෘත කර ඇති වෙළෙඳසල් සොයා වාර්තාවක් ලබාදීම ඊයේ (1දා) ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙළ සංචරණ සීමා අවසන් තුරු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us