ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි තහනමට !

Published in පුවත්
Tuesday, 06 July 2021 08:36

බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි කඩිනමින් තහනම් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (5 වැනිදා) නියෝග කර තිබෙනවා.

අධිකරණය එලෙස නියෝග කර තිබුනේ කොවිඩ් වයිරසය හේතුවෙන් පාසල් දරුවන් නිවෙස්වල සිටිමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ​ඉගෙනුම් කටයුතු කරන අතරතුරදී ඇතැම් සංවිධානාත්මක පිරිස් ඉතා සූක්ෂම ලෙස වෙබ් අඩවිවල දැන්වීම් පල කර ළමයින් ලිංගික අපයෝජනවලට පොලඹවා ගන්නා බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් බවයි සදහන් වන්නේ.
අවම වශයෙන් පාසල් ආරම්භ වනතුරුවත් එවැනි වෙබ් අඩවි තහනම් කරන්න යැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න වෙත දන්වා සිටියාය.

මෙවැනි වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වැළැක්වීමෙන් තොරව පැලැස්තර දැමීමෙන් පලක් නොවන බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල්​ වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා, අදාළ වෙබ් අඩවිවල ලංකාවේ ඩොමේන් එක ගැලවිය යුතු බවද පෙන්වා දුන්නේය.
විශාල සමාජ ව්‍යවසනයක් වී තිබෙන, දරුවන් ලිංගික අපයෝජනයට පෙළඹවෙන සියලුම වෙබ් අඩවි පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් පුළුල් නියාමනයක් කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය ඒ පිළිබඳ වාර්තාවක් සකසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය මගින් අලෙවි කරන ලදැයි කියන සිද්ධියට අදාළව නඩුව ඊයේ (5 වැනිදා) කැඳවූ අවස්ථාවේදී ලංකා ඇඩ් ඩොට් කොම් නමැති වෙබ් අඩවියේ නිර්මාණකරු සහ පාලකවරයාව සිටි රණසිංහ ආරච්චිලාගේ දුමිඳු සම්පත් පෙරේරා, එම වෙබ් අඩවියේ වර්තමාන හිමිකරු බව කියන එම්. ධනුෂ්ක කෞෂල්‍ය, දැරිය අන්තර්ජාලය හරහා මිලදී ගත් බව කියන මාලදිවයින් ජාතික මො​හොමඩ් අස්මලී, දැරිය විවිධ පුද්ගලයන්ට සෘජුවම අලෙවි කළ දිසානායක මුදියන්සේලාගේ මාලිංග යන සැකකරුවන් සිවුදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළ මහෙස්ත්‍රාත්වරිය, 16 වැනිදින තෙක් ඔවුන් රිමාන්ඩ් භාරයේ තබන ලෙසද නියම කළාය.

බාලවයස්කාර දැරිය අන්තර්ජාලය මගින් අලෙවි කිරීමට දැන්වීම් පල කළ බව කියන වෙබ් අඩවියේ නිර්මාණකරු සහ වර්තමාන හිමිකරු, විමර්ශන කටයුතු අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us