ලියාපදිංචියකින් තොර අතිරේක ආහාර ඖෂධ ඉවතට !

Published in පුවත්
Friday, 09 July 2021 13:43

නිසි ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඖෂධ ශාලාවල ඇති ඖෂධ වර්ග ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කොට ඇති “කොල්කාල්සිෆෙරෝල්” නමැති ඖෂධීය නාමයෙන් යුත් විටමින් ඩී – 3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ග 19 ක් දැනට අලෙවිය පිනිස ඖෂධ ශාලාවල තබා ගැනීමට හැක. එම වර්ගයන්ට අයත් නොවන අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඖෂධ ශාලා හිමිකරුවන් දැනුවත් කරමින් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ලියාපදිංචි කර තිබෙන ඖෂධ වෛද්‍ය නිර්දේශයන් මත නිකුත් කරන නමුත් අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වෛද්‍ය නියමයන්ගෙන් තොරව ජනතාවට ලබා දිය හැක.මේ නිසා ජනතාවට විවිධ සංකූලතා ඇතිවීමේ හැකියාව පවතින බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා පවසයි.

ඖෂධ නියාමන අධිකාරියෙහි ලියා පදිංචි නොකළ, අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සොයා බැලීමකින් තොරව අලෙවිය පිනිස තබා ගැනීමෙන් වලකින ලෙස ඖෂධශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක අංශය පියවර ගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us