රනිල් සහ රතන හිමි සම්බන්ධව පෙත්සමක් !

Published in පුවත්
Wednesday, 14 July 2021 09:59

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින්ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, සහ නීතිපති ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු මස 7 වන දා මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දුන් බවය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ කාලසීමාව තුළ මැතිවරණ කොමිසමට ලබා නුදුන් බවට ඔහු චෝදනා කරයි. කෙසේවෙතත් එය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙත්සම්කරු පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us