ක්‍රිකට් අවුලට ජනපති අත දමයි.

Published in පුවත්
Friday, 15 August 2014 19:45

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර පැන නැගී ඇති ආරවුල් උග්‍ර තත්ත්වයට පත්වීම හේතුවෙන් එය විසඳීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අගෝස්තු මස 1 වැනිදා ජනාධිපතිවරයාගේ ඇරයුමක් අනුව කුමාර සංගක්කාර සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයන් ජනාධිපතිවරයා හමුවී ක්‍රිකට් ආරවුල ගැන දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.


එහිදී එක් නිලධාරියෙකු ප්‍රවීණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කරන බව එම ක්‍රීඩකයන් පෙන්වා දී ඇත.

එකී පීඩනය තමන්ට දරා ගැනීමට නොහැකි බවත් මේ හේතුව නිසා තමන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් මේ වසර අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවත් ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

මේ නිලධාරියා පිටුපස ජනපති පුතුන් වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ යෝෂිත රාජපක්ෂ යන අය සිටීම මේ පීඩනය ප්‍රබලවීමට හේතුව බවත් මොවුන් අවධාරණය කර ඇත.

මේ පීඩනය කුමාර් සංගක්කාර, ලසිත් මාලිංග, ‍මහේල ජයවර්ධනට අමතරව තිසර පෙරේරාට ද එල්ල වී ඇතැයි පැවසේ.


එහිදී ජනාධිපතිවරයා ක්‍රීඩකයන්ට පවසා ඇත්තේ ඔහු මෙම ප්‍රශ්නය විසඳා දෙන බවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉක්මනින් ඉවත් නොවන ලෙසත් ය. එම සාකච්ඡාව අතරවාරයේ ක්‍රීඩා අමාත්‍යවරයාට ද කතා කොට ජනාධිපතිවරයා බැන වැදී ඇති බව පැවසේ.

මෙලෙස චෝදනා එල්ලවනුයේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට වන අතර අප ඒ පිළිබඳව නිශාන්ත රණතුංග මහතාගෙන් විමසූ කල ඔහු පැවසුවේ සියලු චෝදනා බොරු බවත් ක්‍රීඩකයන් ක්‍රීඩා කළයුතු බවත් පරිපාලකයන් පරිපාලනය කරනු ඇති බවත් ය.

කෙසේ වෙතත් ඉතා ඉක්මනින් නිශාන්ත රණතුංග මහතා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියාකරනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා නොසලකා නිශාන්ත රණතුංග තම අභිමතයට ක්‍රියාකිරීම ද මේ අර්බුදයට හේතුවක් බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us