මාසයකට කොවිඩ් රෝගීන් 4,500 ක් පමණ මිය යන ලකුණු !

Published in පුවත්
Friday, 30 July 2021 14:36

මේ වන විට හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඒ අතර වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කෙරෙන බවය.

“වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා. දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 50කට අධිකයි. මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 - 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මේ රටේ යුද්ධය පැවති සමයකවත් මෙපමණ මිනිසුන් ප්‍රමාණයක් මියගියේ නෑ. මේ නිසා ජනතාව තේරුම් ගන්න ඕනේ මේක ඉතාමත් භයානක තත්ත්වයක් බව.“

මේ අතර මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ පැහැදිලි වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, මේ දිනවල බස්නාහිර පළාතේ රෝහල්වලට පැමිණෙන ආසාදිතයින් විශාල පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවය.

"රෝග ලක්ෂණ සහිතව යන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. නැවත නැවතත් රෝගීන් වැඩිවෙනවා. ඒ වගේම තමයි ඒ වැඩිවීම අපිට පාලනය කරගත නොහැකි වුවහොත් නැවත නැවතත් සංචරණ සීමා ආදි නීතිවලට යටත් වන්නට අපිට පමණක් නෙවෙයි ලෝකයේ දියුණු රටවලට පවා මේ වන විට මුහුණදීමට සිදුව තිබෙනවා. එය හිතට ගෙන කටයුතු කළ යුතුයි."

වෛරස ව්‍යාප්තිය ඉහළයාමට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතු වී ඇති බවට නිශ්චිතව කිව නොහැකි බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ‍ඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

මේ අතර මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් සිදුකළ රැපි ඩ්ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයින් 33දෙනෙකු හඳුනාගෙන තිබේ.

මොරවක කුඩගලහේන ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ට උණ වැළදී ඇති බවට ලද තොරතුරක් මත එම පරීක්ෂාවන් සිදුකර ඇත.

එම ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සූරියමල්වත්ත, වැලිව, කොස්නිල්ගොඩ සහ දෑරංගල යන ප්‍රදේශවලින් ද තවත් ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

-derana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us