අංක 1998 න් රු.1998 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ලක් නිවසටම !

Published in පුවත්
Thursday, 19 August 2021 20:31

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කිරීමට නියමිත, ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් රු.1998/=ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් නිවසටම ගෙන්වා ගැනීමේ නිල සමාරම්භක අවස්ථාව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි රු.2600/=කට වඩා වැඩි මිළකට අළෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල, දිවයින පුරා සතොස අළෙවි ශාඛා මඟින් ලබා ගැනීමේ හැකියාව හෙට දින සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරන ලදී. එමෙන්ම සතොස සමඟ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ වීමෙන් මෙම ක්ෂණික ඇමතුම් සේවාව ක්‍රියාත්මක කිරීම හා බෙදාහැරීම් නියෝජිතයන් ඒ ඒ ශාඛා සඳහා යොමු කිරීමේ කටයුතු සිදු කරනු ලැබීම පිළිබඳව අමාත්‍යවරයා එහිදී සිය කෘතඥතාවය ද පළ කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ මිළ තීරකයා වශයෙන් සතොස අළෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන මෙම "1998 සහන මල්ල" වැඩසටහන හුදෙක්ම පාරිභෝගික ජනතාව වෙත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිළගණන් යටතේ ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නක් බවත්, ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මත පීඩනයක් ඇති වීම වළක්වා ලමින් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ක්‍රියාත්මක වන වැඩසටහනක් බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම සතොස අළෙවිසැල් තුළ මේ දිනවල පවතින අධික භාණ්ඩ ඉල්ලුම අනුව, එම ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම සඳහා අවශ්‍ය තොග ඒ ඒ අළෙවිසැල් වලට ලඟා වීම කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා විධිමත් දත්ත පද්ධතියක් භාවිතා කොට, ඒ ඒ අළෙවිසැල් තුළ පවතින භාණ්ඩ තොග පිළිබඳ දත්ත ස්වයංක්‍රීයව අදාළ තොග ගබඩා වෙත යොමු වීමට ක්‍රමවේදයක් සකස් කොට, සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැර වූ වඩා වේගවත් ක්‍රියාවලියක් තුළින් අවශ්‍ය භාණ්ඩ තොග ඒ ඒ අළෙවිසැල් වෙත ලබා දීමට අවශ්‍ය නවීන ක්‍රමවේද සකසා ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇති බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us