අද දිනත් කොවිඩ් රෝගීන් 1605ක් සුවය ලබයි !

Published in පුවත්
Saturday, 11 September 2021 19:51

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,605 ක් සුවය ලබා තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 411,233ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර මෙරට ජනගහනයෙන් 10%කට ආසන්න පිරිසක් එන්නත් කටුවලට ඇති බිය නිසා එන්නත් ලබා ගැනීම මගහරින බව පෙනී ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

එන්නත් කටු බිය (NEEDLE PHOBIA)ලෙස මෙම මානසික තත්වය හඳුන්වන බව ඔහු සඳහන් කරයි. එන්නත් ලබාගැනීමේදී අධික වේදනාකාරී තත්වයක් ඇතිවේ යැයි අස්ථාන බියකින් මොවුන් පසුවන බව වෛද්‍යවරයා පවසයි.

එන්නතක් ලබා ගැනීම කිසිසේත්ම වේදනාකාරී අත්දැකීමක් නොවන අතර එන්නතක් ලබා ගැනීමේදී ඇතිවන වේදනාව මදුරුවකු කනවා හා සමාන යැයි ඔහු පවසයි.
කොවිඩ්වලින් මරණයට පත්වීම වැළැක්වීමට ඇති එකම විසඳුම එන්නත්කරණය හෙයින් නොපමාව එන්නත ලබා ගන්නැයි විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us