කටුනායක ගුවන් තොටුපොළේත් ආරක්ෂාව තරකරයි. ප්‍රහාරයක් ගැන සැකයක් Featured

Published in පුවත්
Thursday, 16 September 2021 10:27

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

එළැඹෙන 20 වැනිදා ගුවන් තොටුපොළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත්, තමන් නම් කරන සිව්දෙනකු වහාම මුදාහරින ලෙසත් ඊමේල් පණිවුඩයේ සඳහන් කර ඇත.

මෙම ඊමේල් පණිවුඩය පරීක්ෂා කිරීමට යාමේදී ගුවන් තොටුපොළ වෙබ් අඩවිය තුළට රිංගා දත්ත සොරකම් කිරීම හෝ වෙනත් අරමුණකින් සැකකරුවන් මෙය කළෙදැයි බව දැනට හෙළිවී තිබේ.

බංග්ලාදේශයේ හමුදාවට සම්බන්ධ ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ ඔස්සේ මෙම ඊමේල් පණිවුඩය මෙරටට ඒවා ඇතැයි හෙළිව ඇත.

කෙසේ වෙතත් මෙම අනතුරු හැඟවීම් සහිත ඊමේල් පණිවුඩය සමග කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කර හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන පෙරහුරු පෙරේදා (14 වැනිදා) සිට අරඹා ඇත.

 

අරුණ

Last modified on Thursday, 16 September 2021 10:29

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us