දකුණු පළාතේ ළමුන් අඩු පාසැල් ලබන මස සිට ඇරඹේ !

Published in පුවත්
Wednesday, 29 September 2021 11:45

දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන මස (ඔක්තෝබර්) 15 වැනි දින සිට ආරම්භ කිරිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

දකුණු පළාත තුල ළමුන් 200ට අඩුවෙන් සිටින පාසල් 514ක් තිබෙන අතර මේ දිනවල මෙකි පාසල්වල කොවිඩි මර්ධන කමිටු සක‍්‍රිය කිරිමට කටයුතු කරමින් සිටින බවද ඔහු සදහන් කර ඇත.

එම කටයුතු ලබන මස 06 වැනිදින දක්වා සිදුකරණ අතර 06 වැනිදින සිට 15 වැනි දින දක්වා කාලය තුල පාසල් පිරිසිදු කිරිමේ කටයුතු සිදුකරණ බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

පාසල් පිරිසිදු කිරිම සදහා අදාල බල ප‍්‍රදේශවල පළාත් පාලන ආයතන එකගවි ඇති බවත් සනිපාරක්ෂක ද්‍රව්‍ය පළාත් අමාත්‍යංශය මගින් ලබාදෙන බවද ඒ මහතා පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us