සංවර්ධනය කරා යන මාවත !

Published in පුවත්
Saturday, 04 December 2021 11:40

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඊයේ (03දා) අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් විවෘත කෙරිණි.

ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනීමේ කටයුතු සඳහා මෙම කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම මෙරටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට මෙම ‘Smart One Stop Shop’ කාර්යාලය හරහා අවස්ථාව ලැබෙනු ඇතැයි යන්න කර්මාන්ත අමාත්‍යාංශයේ අදහස වී ඇත.

මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) සහ HIPG ආයතනය අතර ගිවිසුමකට අත්සන් තැබීම ද සිදු වී තිබේ.

මෙම අවස්ථාවට HIPG ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ මහතා ඇතුළු එහි සෙසු විධායක නිලධාරීහු ද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිට ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා සිටියේ,

“ඩොලර් ආදායම වැඩි වැඩියෙන් උපදවන ව්‍යාපෘති සඳහා අපට පමණක් ප්‍රාග්ධනය නොමැතිනම් වාසිදායක කොන්දේසි යටතේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග කටයුතු කිරීමට සිදුවෙනවා. අපේ රටේ තිබෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව.

සමහර අනුමැතීන් ලබා ගැනීම සඳහා සති ගණන් නොවෙයි මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා. ඒ ගැටළුව හැකි පමණ අවම කිරීම සඳහා, එනම් ඉහත ක්‍රියාදාමය හැකි පමණ කාර්යක්ෂම කිරීම සඳහා තමයි අපි කල්පනා කළේ හම්බන්තොට වරාය ඇසුරුකොටගෙන අනාගතයේ ඉදිවන කර්මාන්ත කලාප තුළ අපනයනය ඉලක්ක කරගත් මහා කර්මාන්ත ශාලා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අරඹන්න.

මේ වසරේ ජනවාරියේදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තත් සංචරණ සීමා පැනවීම් ඇතුළු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපට බලාපොරොත්තු වූ පරිදි මෙම අවශ්‍යතාව ඉටු කිරීමට නොහැකි වුණා. ප්‍රමාද වී හෝ ඉහත කී ආකාරයේ අනාගතයක් ගැන කල්පනා කරලා තමයි මේ පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය විවෘත කරන්නේ.” යනුවෙන් පවසා තිබේ.

මෙහිදී එම අදහස ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාළ කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ ඇතුළු එහි කාර්ය මණ්ඩලයටද ස්තුතිය පුද කර තිබේ. මෙය රටක් වශයෙන් සියලු ශ්‍රී ලාංකිකයන් අත් කරගත් තවත් එක් විශිෂ්ඨ ප්‍රගතියක් ලෙස සැළකිය හැකිය..

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us