තෙල් සංස්ථාව, රුපියල් වෙනුවට ඩොලර් ඉල්ලයි !

Published in පුවත්
Monday, 20 December 2021 14:58

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගෙවන මුදල් ඩොලර්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟ වූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම වෙනුවෙන් ඩොලර්වලින් ගෙවන ලෙස සේවා සපයන ආයතනවලින් ඉල්ලා සිටි බවත් ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එකඟතාවය පළ කළ බවත් තෙල් සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් කීය. මෙහිදී ඩොලර්වලින් කරන සියලූම ගෙවීම් රාජ්‍ය බැංකු හරහා කරන ලෙසද දන්වා තිබේ.

ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීම වෙනුවෙන් මෙරට බැංකුවලින් ඩොලර් ලබා ගැනීමට තිබෙන අසීරුතාවයට පිළියමක් ලෙස සේවා ආයතන සමඟ ඩොලර් වලින් ගනුදෙනු කිරීමට තීරණය කර ඇත.

පසුගිය සතිය මුලදී ගුවන් යානා ඉන්ධන ටොන් 40000 ක් රැගත් නැවක් කොළඹ වරායට ළඟා වූ අතර එම ඉන්ධන තොගය ජනවාරි 20 තෙක් පමණක් ප‍්‍රමාණවත් වන බව දැනගන්නට තිබේ. මේ අතර ශ‍්‍රී ලංකාව සතුව බොරතෙල් නොමැති බැවින් ජනවාරි තුන්වෙනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වරක් වසා දැමීමට සිදුව ඇත.

බොරතෙල් හිඟය නිසා මෙම පිරිපහදුව නොවැම්බර් 15 සිට දෙසැම්බර් 7 දක්වා දින 21 ක් වසා තබන ලදී. සපුගස්කන්දේ තෙල් පිරිපහදු ඉතිහාසයේ මෙතරම් දිගු කලක් එය වසා දමන ලද මුල් අවස්ථාව එය වෙයි.

කෙටි දැනුම් දීමකින් පෙට‍්‍රල් සහ ඩීසල් පිටරටින් ගෙන්වා ගත හැකි නමුදු බොරතෙල් ගෙන්වා ගැනීමේදී දින 90 ක කාලයක් ගතවේ. එසේම බොරතෙල් ගෙන්වීමේදී සැපයුම්කරුට මුළු මුදලම ගෙවිය යුතුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us