අධිකරණ තීන්දුවට අනුකූලව ගෑස් බෙදා හැරීම සිදුවන්නේදැයි සොයා වැටලීම් !

Published in පුවත්
Tuesday, 21 December 2021 15:03

අධිකරණ තීන්දුවට අනුකූලව ගෑස් බෙදා හැරීම සහ අලෙවිය සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා හදිසි වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.

අධිකරණ තීන්දුවට අනුකූලව පමණක් ගෑස් අලෙවිය සිදු කරන ලෙසට ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත පාරිභෝගික අධිකාරිය දැනුම් දි තිබුණා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත පසුගියදා නියෝග කළේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිර්ණායකයන්ට අනුකූලව පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන ලෙසයි. එමෙන්ම නව ගෑස් සිලින්ඩරවල අදාළ සංයුතිය ප්‍රදර්ශනය කරන ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළා.

මේ අතර පසුගියදා වෙළෙඳපොළට නිකුත් කෙරුණු ගෑස් සිලින්ඩරවල සඳහන් වුණේ ප්‍රොපේන් සංයුතිය 25%ත් 40%ත් බියුටේන් සංයුතිය 60%ත් 75%ත් ලෙසයි. කෙසේ වෙතත් අද සිට නව ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් සංයුතිය 30%ක් ලෙසින් මුද්‍රණය කර වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us