දැදිගම නව පාලමටත් මුල්ගල තැබේ !

Published in පුවත්
Thursday, 23 December 2021 13:11

නෙලුම්දෙණිය - තුන්තොට - ගලපිටමඩ ( B 540 ) මාර්ගයේ දැදිගම නව පාලම ඉදිකිරීම සදහා මුල් ගල තැබීම දැදිගම පොලිස් ස්ථානය අසලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා විසින් (ඊයේ ) 22-12-2021 දින සිදු කෙරිණි .

ඉදිකිරීමට යෝජිත දැදිගම නව පාලම දිගින් මීටර් 50 කින් සහ පළලින් මීටර් 11.5කින් යුක්තවේ. ද්විත්ව මංතීරූ සහිතව ඉදිකරන මෙම පාලම සදහා වැය කරන මුදල රු.මිලියන 145 කි. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ජයවංශ කන්ස්‍ට්‍රක්ෂන් සමාගම දින 456 ක් ඇතුලත මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂිතය.

දිනෙන් දින මහාමාර්ග වල සහ අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් පෙනුම් කරනවා යැයි මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන ලදි. එම ප්‍රශ්නයට පිලිතුරු දුන් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කරන ලදී ,

''දිනකට ලංකාවේ අටක් පමණ මාරක රිය අනතුරු දළ වශයෙන් සිදුවෙනවා. ඒක ඉතාම කණගාටුදායක තත්ත්වයක්. ලෝක බැංකුවත් අපිට ආධාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා අනතුරු අවම කර ගැනීම සදහා වැඩ පිලිවෙලක් සකස් කරන්න.

ඊළඟ අවුරුදු දෙකේදී අපි විශේෂ වැඩපිළිවෙළක් යොදලා තියෙනවා අනතුරු අවම කරන්න.අවම අනතුරු සංඛ්‍යාවක් දක්වා අඩු කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි දෙවැනි සතියේදී අපි ඒ වැඩසටහන ආරම්භ කරනවා. අපි දැකලා තියෙනවා ගොඩක් අය නින්දට ගිහිල්ලා අනතුරට පත්වෙන අවස්ථාවන්. ඒ නිසා පලවෙනියටම අපි අධිවේගී මාර්ගවල හදනවා ගිමන් හරින ස්ථාන .වාහන නතර කරලා ටිකක් නිදාගෙන ඉඳලා යන්න පුළුවන් තැන් හදන්න රක්ෂණ සංස්ථා ටිකත් එකතු කරලා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඊලඟ අවුරුදු දෙක තුළ දැන් තියන අනතුරු ප්‍රතිශතය අඩුකරන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම පොලිසිය දැනුවත් කරලා ඔවුන් සමග අධිවේගී මාර්ගවල රථවාහන අනතුරු වැලක්වීමට වැඩ පිලිවෙලක් දියත් කිරීමට ඉදිරියේදී නියමිතව තිබෙනවා'' යනුවෙන් සදහන් කර ඇත.

-රංජනා සෙව්වන්දි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us