කොටස් වෙළෙඳපොළෙන් තවත් විශිෂ්ඨ වාර්තාවක් !

Published in පුවත්
Friday, 24 December 2021 13:54

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ‌ඓතිහාසික මංසලකුණක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා යන ලදී.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි.

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය මාස කිහිපය තුළ අඛන්ඩව ඉහළ යෑම පෙන්නුම් කළ අතර එය මෙරට ආර්ථිකයේ ස්ථාවර බවට වන සළකුණක් ලෙස සැලකිය හැකිය.

මේ අතර නත්තල් දිනය හෙට (25) ට යෙදී ඇති බැවින් අද දින අතිරේක දින භාගයක නිවාඩුවක් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එබැවින් අද දින ගනුදෙනු සැසිය පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා මිනිත්තු 90 ක කාලයකට පමණක් සීමා විය. රු. බිලියන 2.84 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us