රටේ ආහාර හිඟයක් ඇති වීම විපක්ෂයේ බොරුවක් - කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

Published in පුවත්
Wednesday, 29 December 2021 09:03

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වන විට රටේ ආහාර හිඟයක් ඇති වන බවට දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විද්වතුන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඇතැම් ආනයනික ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට නොහැකි වීම හේතුවෙන් ඇතැමුන් ලබන වසරේදී රට තුළ ආහාර හිඟයක් ඇති වන බවට ප්‍රකාශ සිදු කරන බව ද හෙතෙම කීවේය.

කාබනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුළා කර දේශපාලන වාසි ගැනීමට ද ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාරවල කිසිදු හිඟයක් ඇති නොවන බවට තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us