බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යනවා - කබ්රාල්

Published in පුවත්
Monday, 03 January 2022 12:16

රටේ ආර්ථිකය අද හෙට කඩා වැටෙයි කියා පුන පුනා ප්‍රකාශ කරමින් රටට අහිතකර සිහින දකිමින් සිටින සියලුදෙනාගේ බොලඳ සිහින සියල්ල මේ වසරේ සුනුවිසුනු වී යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

උදා වූ වසර 2022 ශ්‍රී ලංකා ආර්ථිකයේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට ක්‍රියා කරන්නේ කෙසේ දැයි අප ඊයේ (02) කළ විමසුමකට පිළිතුරු දෙමින් එසේ කීය.

ශ්‍රී ලංකාවේ විදේශ නිල සංචිතය මේ වසර නිමා වනවිට කිසිවකුත් බලාපොරොත්තු නොවන තරම් ඉහළට ඔසවා තැබීමට දැනටමත් අවශ්‍ය සියලු සැලසුම් සකස් කොට ඇතැයි ද අධිපතිවරයා කීය.

මේ වසරේදී ශ්‍රී ලංකාව විදේශයන්ට ගෙවිය යුතු ණය වාරික හා පොලිය කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවා දමන බවත්, ඒ පිළිබඳව කිසිවකුත් සැක සංකා ඇති කර ගත යුතු නැති බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ සිල්වා, පාඨලි චම්පික රණවක වැනි අය රටේ ආර්ථිකය කඩා වැටෙයි වැටෙයි කියා දිනපතාම බොලඳ සිහින දකිමින් සිටින බවත්, ඒ සිහින සියල්ල මේ වසරේදී සුනුවිසුනු වී යන බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව ලබා ගත් දෙස් විදෙස් ණය හා වාරික නිසි කලට වෙලාවට ආපසු ගෙවා දමමින් අත්කරගෙන සිටින කීර්තිය හා ලෝක පිළිගැනීමට අබමල් රේණුවක හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ද කබ්රාල් මහතා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අධිපතිවරයා, මේ වසරේ අප විසින් ගෙවිය යුතු ණය වාරික හා පොලිය නියමිත පරිදිම ගෙවා දැමීමට කටයුතු කරනවා. එහිදී ඒවා සිදුකරන්නේ දැඩි අභියෝගකාරී තත්ත්වයක් යටතේ වුවත්, කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩක් තබන්නේ නැතැයිද කීය.

මේ වසර පමණක් නොව ලබන වසර තුළ පවා අපේ විදේශ නිල සංචිත ඉහළ නංවා ගැනීමට අපි සූදානම් කළ වැඩපිළිවෙළ පැහැදිලිවම රටට කියන්නත්, ඒ අනුව රටත් ජනතාවත් දිනවීමට ක්‍රියා කරන්නත් සූදානම් බව ද අධිපතිවරයා පැවැසීය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us