ඉන්නවනම් ඉන්න නැත්නම් යන්න ! නොගියොත් අයින් කරනවා! ජනාධිපති ඇමැතිවරුන්ගේ මූණටම කියයි

Published in පුවත්
Monday, 03 January 2022 22:53

ආණ්ඩුව ඇතුළේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරන අය සිටී නම් ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයේ ඉදගෙන විපක්ෂයේ කාර්යබාරය කරන ලෙසත් එසේ නොමැති නම් ඒ අය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තමාට සිදුවෙන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා අද (03)පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි ඇමැතිවරුන් හමුවේ බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත.

කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී අංක 49 කැබිනට් පත්‍රිකාව අතට ගත් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විසින් අද සවස ප්‍රකාශයට පත්කළ විශේෂ සහන මල්ල ඇතුලත් මුදල් ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාව කියවන ලදි.

ඉන්පසුව ඇමැතිවරුන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉතාම අසීරු තත්ත්වයකදී වූවද ජනතාව සදහා මෙවැනි සහන මල්ලක් දීමට රජය විසින් තීන්දු කර ඇති අවස්ථාවකදී ඒ පිළිබද ජනතාව තුළ මතයක් හදනවා වෙනුවට ආණ්ඩුවේ ඇතුලේ සිට ආණ්ඩුවම විවේචනය කිරීම තවදුරටත් බලා සිටීමට නොහැකි බවත් එසේ විවේචනය කරන අය සිටී නම් විපක්ෂයේ අසුන් ගත හැකි බවත්ය. තවද සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ආණ්ඩු විරෝධී විවේචනය පිලිබදවද මෙහිදී ජනාධිපතිතුමාගේ දැඩි අප්‍රසාදය පලවිය.

තමාට විරුද්ධව පනස් පන්ලක්ෂයක ඡන්දය ප්‍රමාණයක් ප්‍රකාශ කර තිබෙන බවත් ඒ අය සමඟ එකතු වීම ගැන තමාගේ කිසිම කණගාටුවක් නැති බවත් ජනාධිපතිවරයා තව දුරටත් අවධාරණය කර සිටියේය. ඒ නිසා විපක්ෂයේ කාර්‍ය කරන්න අවශ්‍ය නම් වහාම විපක්ෂයට ගොස් ආණ්ඩුව විවේචනය කරන ලෙස නැවත පැවසීය.

ජනාධිපතිවරයා දැඩි ස්වරූපයකින් එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී පහුගිය දිනවල කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයට ගිය විමල්,උදය,වාසු යන කැබිනට් ඇමැතිවරුන් නිහඬව සිටීමද විශේෂත්වයකි.

මෙම කැබිනට් මණ්ඩල රැස්වීම 2022 අවුරුද්දේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමද වීම තවත් විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us