චම්පික නඩුවෙන් ගැලවෙන්න කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි  

Published in පුවත්
Monday, 10 January 2022 16:38

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද ? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නියම කළේය.

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන්කිරීම හා සාක්ෂි ගෙතු බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිලත් කළ තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී චම්පික රණවක මහතාට එරෙහිව හෙට (11) දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිත නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරන ලද ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

පෙත්සම්කාර චම්පික රණවක මහතා කියා සිටින්නේ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ බව කියන රිය අනතුරකට අදාළ සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට සිය නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කළ ද එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව රණවක මහතා සඳහන් කරයි.

අනතුරුව නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට විනිසුරුවරයා නියෝග කළ බව ද චම්පික රණවක මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරයාගේ මෙම තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන පවසන්නේ මහාධිකරණ නඩු විභාගය අත්හිටූවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එමෙන්ම තමන්ව අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

adaderana

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us