ණය අරන් සැපට ජීවත්වුණ යුගය අවසන් - වීරවංශ

Published in පුවත්
Thursday, 13 January 2022 13:42

ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේ විදේශ විනිමය උපදවාලිය හැකි ප්‍රමුඛතම පිරිස වන කර්මාන්තකරුවන් බලගන්වමින් යන ගමනකට තමන් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් යැයිද ඔහු පැවැසීය.

ඊයේ (12දා) සවස කොළඹ ගලදාරී හෝටලයේ පැවති "CNCI Achievers Awards 2021 for Industrial Excellence" උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවැත්වූ දේශනයේදී ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

"අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු 'රේටින් ආයතනයක්' 'රේටින්ස්වලින්' දැන් තිබෙන තත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ.

අපි කියනවා සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙනවා, කියා . නමුත් පැමිණෙන පිරිසට පහසුකම් සැලසීමට අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට ද යවනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය, ඇත්ත ප්‍රමාණය ලෙස පිළිගැනීමට අපහසු යි. කෙසේ නමුත් මේ මා ඉදිරිපිට සිටින ඔබ තමයි අතීතයේ සිට මේ අර්බුදයට උත්තර සෙවීමට කැප වූ පිරිස.

එදා සිට අපේ රට පුරුදු වුණේ 'විදේශ ණය මත රටේ සංවර්ධනය' කියන සංකල්පය බලගන්වා පෙන්වීමට. එදා සිට විශාල අයවැය පරතරයක් හැදෙනවා. එම පරතරය පියවීමට ණය ගැනීමට බල කෙරෙනවා. ණය ගනිමින්, එම ණයවල පොලී ගෙවීමට නැවතත් ණය ගනිමින්, දශක ගණනාවක් පැමිණි ගමන කෙළවර, අපට නිර්දය ඇත්තට මුහුණ දීමට සිදුව තිබෙනවා.
අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000 බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය, විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාට ද, ඒ අයවයි බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.
'මේ ණය ගෙවන්න - තවත් ණයක් ගැනීම' වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා 'ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි' කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ.

රජයක් හැටියට අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. ඊට අදාළ පහසුකම් සැපයීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ඇපකැප වී කටයුතු කිරීමට සූදානම්."

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us