තෛයිපොංගල් දිනයට ඇවන්ගාර්ඩ් වෙතින් නව අරුතක් !

Published in පුවත්
Friday, 14 January 2022 16:33

වාසනාව කියන වචනයට පිටු පා තම උත්සාහය ,කැපවීම ,අධිෂ්ඨානය මත පමණක් ක්‍රියාකරමින් අද මෙරට ආර්ථිකයට පවා දායකත්වයක් සපයමින් සුවහසක් මිනිසුන්ට රැකි රක්ෂා ලබා දෙන අතරම සත් ක්‍රියාවන් ගැනිය නොහැකි ප්‍රමාණයකට දායකත්වය සපයපු ඇවන්ට්ගාර්ඩ් සමාගම අද තෛයිපොංගල් දිනය වෙනුවෙන් තවත් සත් ක්‍රියාවක් සිදු කර තිබේ...

එනම් අද දින වැලිකඩ බන්ධනාගාර රෝහල් සහ කාන්තා අංශයේ රැදවියන් 3000 කට ප්‍රණීත දිවා ආහාරයක් ලබා දීමට ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කටයුතු කර ඇත...

මෙම වසර ආරම්භයේද ඔහු මෙවන්ම සත් ක්‍රියාවකින් වසර ආරම්භ කිරීමට අමතක නොකරේය. අලුත් අවුරුද්දේ කාටත් අත් හැරුණු මිනිසුන් කොටසක් වන වැලිකඩ බන්ධනාගාර රෝහල් ගතව සිටින රැඳවියන් 3000කට උදෑසන ආහාරය සදහා කැවුම්, කිරි බත්,කෙසෙල් ගෙඩි සහ දහවල් ආහාරය සඳහා ප්‍රණීත ආහාර වේලක් සමග අතුරුපසක් පිළිගැන්වීමට සේනාධිපති මහතා අමතක නොකළේය. ඒ ඔහු තුළ ඇති උතුම් මානුෂිය ගුණාංගය නිසාය..

සියලු මනුෂ්‍යවාදී ආගම් තුළින් අපට උගන්වා ඇත්තේ අනෙකාගේ යහපත ගැන කල්පනාකරන ලෙසය. එය බුදුන් වේවා ,ජේසුස් වහන්සේ වේවා ,නබි තුමා වේවා ,දෙවියන් හෝ වේවා මේ සියලු ශාස්තෘවරුන්ම අපට උගන්වනුයේ එකිනෙකාට ආදරය කරුණාව දක්වන ලෙසය..එසේනම් මිනිස් ගුණධර්ම සිරකරුවෙකුට හෝ වේවා මෙලොව වසන කවර අපරාධකරුවෙක් හෝ දක්වාම විහිදීමට අවශ්‍යය..එහෙත් සමාජය සිරකරුවන් දකිනුයේ වෙනස් ඇසකින් නිසා බොහෝ විට ඒ ආදරය කරුණාව ඔවුන්ට අවැසි මාතෘකා වී ඇත..එහෙත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා සමාජයෙන් ගැරහුම් ලැබූ ,මෙම පිරිසට තම ධනයෙන් කොටසක් වෙන් කිරීමට අද තෛයිපොංගල් දිනයකදී අමතක නොකර ඇත්තේය..''සියලු සිර කරුවන් මනුෂයන්ය'' යන වදන් අකුරු පමණක් බවට පත් කළ සමාජයක එයට නියම අරුතක් එක් කළ සේනාධිපතියන්ට ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ හද පිරි ප්‍රණාමය !

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us