මෙරට ශ්‍රමිකයන්ට මේම වසරේ රටවල් රැසක රැකියා අවස්ථා !

Published in පුවත්
Tuesday, 25 January 2022 10:25

මෙරට ශ්‍රමිකයන්ට මේ වසරේ දකුණු කොරියාව, තායිලන්තය, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා අවස්ථා හිමිවන බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

දකුණු කොරියාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දෙන රැකියා කෝටාව මෙවර ඉහළ දමන බව මේවන විට දන්වා තිබෙන බවත් ඒ සම්බන්ධ නිල ප්‍රකාශනයක් පෙබරවාරී මාසයේදී සිදු කිරීමට එම රජය සූදානම් බවත් ඒ මහතා කීය.

මෙරට ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා අවස්ථා වැඩිපුර ලැබීම අපේ ආර්ථිකයට අතිශයින් වැදගත් කරුණක් බවත් මෙරට ශ්‍රමිකයන් දකුණු අප්‍රිකාවේදී කටයුතු කරන ආකාරය සම්බන්ධව එම රජය දැඩි ප්‍රසාදයකින් යුතුව කතා කරන බවත් කී ඒ මහතා මේ නිසාම මෙවර ශ්‍රී ලංකාවට ලබාදෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි කිරීමට ඔවුන් තීරණය කර තිබෙන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වයට මේ වසරේදී වසර 70 ක් සපිරෙන බවත් එය සැමරීම පිණිස වැඩසටහන් ගණනාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජපන් තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන බවත් ඇමැතිවරයා කීය.

ආණ්ඩු දෙක අතර පවතින සම්බන්ධතාවයෙන් ඔබ්බට ගොස් දෙරටේ ජනතාව අතර ඍජු සම්බන්ධතා ඇති කිරීම කෙරෙහි ජපන් රජයේ අවධානය යොමුව තිබෙන බවත් සිනමාව,චිත්‍ර,සංගීතය,නාට්‍ය වැනි කලා අංශ ඔස්සේ එය සිදු කිරිමට අවධානය යොමුව තිබෙන බවත් මහචාර්යවරයා පැවසුවේය.

විදෙස් රටවල හොඳ රැකියා ලබා ගැනීමට ඉංග්‍රීසි පමණක් නොව ජපන්,චීන,කොරියානු වැනි භාෂා ඉගෙන ගැනීම අතිශයින් වැදගත් බවත් මේවන විට කොරියානු භාෂාව මෙරට පාසල් විෂය මාලාවටද එක්කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us