කිරි ගොවියා නගා සිටුවන්න ජනපති ගත් තීරණය !

Published in පුවත්
Friday, 25 February 2022 20:33

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

නාරාහේන්පිට Milco කර්මාන්ත ශාලාව අද (25) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කිරි ගොවියා නඟා සිටුවීම සහ දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ තීරණය ගෙන තිබෙනවා.

වර්තමානයේ රසයෙන් ගුණයෙන් පිරි නැවුම් එළකිරි පරිභෝජනය සඳහා ජනතාව නැඹුරු කරවීම‍ට රජය මැදිහත්ව සිටී. සත්ත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂණය සපයන වැදගත්ම ආහාරයක් ලෙස එළකිරිවලට සුවිශේෂී ස්ථානයක් හිමි වීම මීට ප්‍රධානතම හේතුව වෙයි. මව්කිරි බී අවසන් වීමෙන් පසු වැඩෙන දරුවන්ට ආහාර ආදේශකයක් ලෙස ද ළමයින්ගේ වර්ධනයට හා අමතර ශක්ති ජනනයට පෝෂ්‍යදායක ආහාරයක් ලෙසද එළ කිරි සැලැකෙන අතර දියර ගතියෙන් යුක්ත වීම හේතුවෙන් බාල, මහලු, රෝගී කාටත් සුදුසු ස්වභාවික පානයකි. මේ නිසා වත්මන් රජය දියර කිරි ප්‍රචලිත කිරීම මෙන්ම කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයයි.

පසුගිය වසර කිහිපයක සිට රජයේ සහ පෞද්ගලික අංශයේ මැදිහත් වීම සහ විවිධාකාරයේ පාරිභෝගික දැනුවත් කිරීම් නිසා ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තයේ දියර කිරි නිෂ්පාදනයට හා පරිභෝජනයට විශාල ඉල්ලුමක්‌ ඇති වී තිබෙන බව දක්‌නට ලැබෙනවා. එහෙත් පාරිභෝගිකයන් තුළ දියර කිරි පිළිබඳ දැනුවත්භාවය ප්‍රමාණවත් නො වන නිසා ඔවුන් ඒ පිළිබඳව දැනුවත් කළ යුතු බව දක්‌නට ලැබෙනවා.

කෙතරම් පහසුවෙන් ගබඩා කරගත හැකි සහ පිළියෙල කරගත හැකි වුවත් පිටි බවට පත්කළ කිරි කියන්නේ ශරීරයට එතරම් ගුණදායක පානයක් නොවන බව අද විද්‍යාත්මකව ඔප්පුකරන ලද සත්‍යයක්. කිරිපිටි යනු එළකිරිවල යොදය ඉවත්කර ඉතා අධික උෂ්ණත්වලට භාජන කර පිටි බවට හරවා වෙනත් රසායනික ද්‍රව්‍ය මඟින් පෝෂණ ගුණයන් මවා වෙළෙඳපොළට එන කෘතිම ආහාර ගනයේ නිෂ්පාදනයක්‌. ඒ නිසා නිරෝගිමත් ශරීරයක් ගැන හිතනවා නම් හැකි තරම් දුරට නැවුම් දියර කිරි පරිභෝජනයට හුරු වීම පරිභෝගිකයන් ගන්නා නුවණැති තීරණයක්‌ වනවා. එමෙන් ම අනෙකුත් බීම වර්ගවලට වඩා දියර කිරි මඟින් ලැබෙන පෝෂණ ගුණය ඉතා විශාලයි. ඒ නිසා ශ්‍රී ලාංකීය ජනතාව දියර කිරි පානයට වැඩි වැඩියෙන් යොමු කිරීමට රාජ්‍ය මේ විටත් කටයුතු කරමින් සිටිනවා..

අප රටේ ද පාරිභෝගිකයන් දියර කිරි පානයට යොමු කරවීමට අවශ්‍ය පහසුකම් සකසා දේශීය කිරි ගොවියා රැකගැනීමට කටයුතු කිරීම රජයේ අරමුණ වන අතර දේශීය කිරි සම්පත විනාශ වී යා නොදී උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම මේ වන විටත් කිරි ගොවියා සඳහා ඉහළ මිළක් ලබා දීමට රජය කටයුතු කර තිබෙනවා.

මෙලෙස පශු සම්පත් ක්ෂේත්‍රය දියුණු කිරීම තුළින් ජනතාගේ පෝෂණ තත්ත්වය නගා සිටුවමින් මෙරට පුරවැසියාගේ නිරෝගිමත් භාවය ආරක්ෂා කිරීමත් , රැකියා අවස්ථා ඇති කරමින් මෙරට කිරි ගොවියා නඟා සිටුවීමටත් වත්මන් රජය ගන්නා උත්සාහය ඇගයිය යුතුය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us