චීන ශ්‍රී ලංකා මිතුදම තවත් ශක්තිමත් !

Published in පුවත්
Monday, 28 February 2022 20:03

ඒකාබද්ධ උත්සාහයක් හරහා මානව වර්ගයා සඳහා ඒකීය අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාපිත කිරීමට චීනය සැමදා ශ්‍රී ලංකාව හා එක්ව සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා පසුගියාදා ප්‍රකශ කළේය.

ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය සබඳතා ආරම්භ කර 65 වසරක් සපිරීම නිමිත්තෙන් දෙරටට ආශීර්වාද කිරීම සඳහා අනුරාධපුර අභයගිරි විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහන් මාලාවට එක් වෙමින් චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා අභයගිරි විහාරස්ථානයේ උත්සවය නියෝජනය කරමින් චීනය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහජීවනයෙන් බැඳී සිටින බව ප්‍රකාශ කළේය.

එහිදී චීන තානාපතිවරයා මෙසේ පැවසීය.

"අපගේ ඓතිහාසික මිත්‍රත්වය කාලානුරූපීව ඉදිරියට ගෙන යෑමටත් සෞඛ්‍ය යහපැවැත්ම ආරක්ෂා කර ගනීමටත් මෙය වටිනා අවස්ථාවක් වෙනවා. අපේ රටවල් දෙක අතර ගොඩනැඟී ඇති බෞද්ධ සම්බන්ධය මිනිසුන්ගේ හදවත් තුළ කිඳාබැස තිබෙනවා. කඳුවැටි සහ මහ මුහුදින් වෙන්වූ දේශ සීමා මායිම් නොකර ශ්‍රී ලංකාවේ මෙන්ම චීනයේ බොහෝ භික්ෂුන් වහන්සේ සේද මාවත ඔස්සේ ගොස් මේ සාමයේ බීජ වපුරා තිබෙනවා. ෆාහියන් හාමුදුරුවෝ අභගිරියේදී ධර්මය ඉගෙනගෙන පිටපත් කරගෙන ගියා. අමෝඝවජ්‍ර හිමියන් ද එසේයි. දේවාසාරා භික්ෂුණිය මෙරටින් චීනයට කාන්තා උපසම්පදාව රැගෙන ගියා. දෙරටේ වර්ණවත් ඉතිහාසයට මේ අය දායක වුණා. අප දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කළ මේ බෞද්ධ භික්ෂුන්ට හා ශාස්තෘෘන්ට මාගේ කෘතඥතාව මුලින්ම පළ කරනවා. ඒ රාජ්‍ය සබඳතාවලට අවුරුදු 65ක කාලයක් වේගයෙන් ගලා ගියා. අතීතයේ, වර්තමානයේ හෝ අනාගතයේ කුමක් වුවත් ඒ සියල්ලට සාධක පැහැදිලිව ඇත. ශ්‍රී ලංකාව හා ලෝකයේ තත්ත්වය කුමක් වුවත් චිනය නිරන්තරයෙන් විශ්වාසවන්ත මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාව සමඟ සිටිනවා''

චීන රාජ්‍ය සමඟ වන ඓතිහාසික මිත්‍රත්වය අද මේ මොහොතේත් ශ්‍රි ලංකාව හා බැඳි පැවතීම ශ්‍රි ලංකාව වැනි කුඩා රාජ්‍යයක් සම්බන්ධයෙන් ගත් විට රටේ වාසනාවක් බව කිව හැකිය. ඉතිහාසයේ විටින් විට ආක්‍රමණයන්ට ගොදුරු වූවද ඒ සෑම විටකම ශ්‍රි ලංකාව ස්වකීය අභිමානය ‍රැක ගනිමින් ඒ සියලු ආක්‍රමණිකයන්ගෙන් රට නිදහස් කර ගැනීමට සමත්ව තිබීම ලෝකයේ සෙසු බොහෝ රාජ්‍යයන් හා සසඳන විටදි පැහැදිලි විශේෂත්වයක් තිබේ. ඒ ශ්‍රී ලංකාව අනුගමනය කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය රටේ ඓතිහාසික උරුමයක්ව පවත්ගෙන යමින් තිබෙන නිසාය. ඒ අනුව ලෝකයෙ කවර බලවතකුට වුව මේ රට කෙරෙහි බලපෑමක් කිරීමට කලින් දෙවරක් සිතන්නට සිදුව තිබේ. විශේෂයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ප්‍රබල බලකඳවුරු සමඟ එකහාසමානව ගනු දෙනු කිරීම තුළ ඒ කවර බල කඳවුරකට හෝ ශ්‍රි ලංකාව යටපත් කර ගැනීම පහසුකරුණක් නොවේ. මෙහිදී චීනය වැනි රාජ්‍යයක් ශ්‍රි ලංකාවේ සුවිශේෂ මිතුරකු වීම රටේ ආරක්ෂාව, පැවැත්ම, දියුණුව සම්බන්ධයෙන් තිබෙන ලොකුම රක්ෂණාවරණයක් ලෙස සැලකිය හැකිය. රට අර්බූදයට ගිය හැම මොහොතකවම චීනය දෙවරක් නොසිතා රටට සහය වී තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය සමඟ චිනයෙ මිතු දම තව තවත් දළුලමින් දැඩිව පවත්වාගෙන යෑමට ගෙන තිබෙන පියවරයන් නිසා රටට ලැබී තිබෙන වාසි සහගත තත්වයන් ඇස් පනා පිටම දකින්නට ලැබේ. රටේ සංවර්ධනය වෙනුවෙන් චීනය සපයන සහය නිසාම ඉදිරි දශක දෙක තුන තුලදී ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපය තුළ දිදුලන මුතු ඇටයක් සේ බබලනු ඇත.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us