විරෝධතා පසෙකලා රට ගොඩගන්න දායක වෙමු !

Published in පුවත්
Tuesday, 26 April 2022 16:52

මේ දිනවල අපට සිදු වන අහිමිවීම්, අලාභයන් හා පරාජයන් ගැන කිසිවකුගේ අවධානය යොමු නොවන බව පෙනෙයි.

වැඩි දෙනකුගේ දෑස් යොමු වී ඇත්තේ රටේ තැන තැන පැවැත්වෙන උද්ඝෝෂණ හා පෙළපාලි වෙතය. තරුණ පරම්පරාව උන්මාදයකින් මෙන් ඒ වෙත නැඹුරු වන බව ද දැකගත හැකිය. මේ අතර, රටේ ආර්ථිකයට වැදගත් බොහෝ ක්ෂේත්‍ර අඩාළ වන්නට පටන්ගෙන තිබේ. සංචාරක කර්මාන්තය ඊට එක් නිදසුනකි. උද්ඝෝෂණ පැවති පසුගිය දින දහය තුළ සංචාරක කර්මාන්තයට රුපියල් මිලියන පන්සිය හතළිස් දෙකයි දශම පහක් අහිමි වී ඇත. කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙමෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ පසුගිය මාස කිහිපය තුළය.

2022 වන විට සෑම මාසයකම ලක්ෂයකට ආසන්න සංචාරකයෝ පිරිසක් රටට පැමිණියහ. එය ක්‍රමයෙන් වර්ධනය විය. මාර්තුවලදී රටට පැමිණි සංචාරකයන්ගේ ගණන එක්ලක්ෂ හයදහස් පන්සියයකි. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් ලෝක වසංගතය නිසා බිංදුවට වැටුණු සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට ගැනීම සඳහා රජය විශාල වෙහෙසක් ගනු ලැබූ බව සිහිපත් කළ යුතුය. ඒ නව උපායමාර්ග භාවිත කරමින් සංචාරක ආකර්ෂණය අපේ රට වෙත යොමු කර ගනිමිනි. සැබෑවටම එහි ප්‍රතිඵලය යහපත්ය. දිනෙන් දින සංචාරක කර්මාන්තය වර්ධනය විය. එහෙත් යළි එය, කඩාවැටීම බලවත් පාඩුවකි.

කැරලි කෝලාහල, විරෝධතා හා වැඩවර්ජන පවතින රාජ්‍යයන්හි සංචාරයෙහි නිරත වීමට විදේශිකයන් කැමති වන්නේ නැත. ඉන්දියාවෙන් විශාල සංචාරකයෝ පිරිසක් ශ්‍රී ලංකාවට එති. ඉදිරි මාස සඳහා සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා සංචාර ගණනාවක් අත්හිටුවා ඇති බව ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවට මේ වසර තුළ විදේශීය සංචාරකයන් ලක්ෂ විසිතුනක් රටට ගෙන්වා ගැනීමටත් ඒ ඔස්සේ ඩොලර් බිලියන දෙකයි දශම තුනකට වැඩි ආදායමක් ලැබීමටත් අදාළ ආයතන සැලසුම් කර තිබිණි. එහෙත් මේ වන විට එය අභියෝගයට ලක් වී ඇත. රටේ ආර්ථික අර්බුදයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ විදේශ විනිමය හිඟයයි. නැත හොත් ඩොලර් ආදායම අඩු වීමයි. අපට අවශ්‍ය විදේශ විනිමය උපයාගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය හැඳින්වේ.

ඩොලර් එකින් එක උපයා ගත යුතු කාලසීමාවක් කරා අප පැමිණි තිබුණ ද සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ඩොලර් මිලියන ගණනින් අපට අහිමි වෙයි. තවත් විටෙක පාඩු ලබයි. සංචාරක ක්ෂේත්‍රය පමණක් නොව ජාතික ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් මෙලෙස අභියෝගයට ලක් වී ඇත. ඒවා ගණනය වී නැති අතර, විරෝධතා නිසා මිනිසාට අහිමිවන වැඩ කරන පැය ගණන කිසිදා ගණනය වන්නේ නැත. විරෝධතාකරුවෝ තමාගේ කාලය හා ශ්‍රමය පමණක් නොව සමස්ත සමාජයේම කාලය හා ශ්‍රමය කා දමති. මේවායෙහි අතුරු ප්‍රතිඵල ලැබෙන විට ආර්ථික අර්බුදය තවත් උත්සන්න වෙයි.

ශ්‍රී ලංකාව පසු වන්නේ තීරණාත්මක අවස්ථාවක වුව ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමේ හැකියාව ඇතැයි ලෝක බැංකුව විශ්වාසය පල කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාද සුබවාදීය. ඒ අනුව මහ බැංකුවේ නව අධිපතිවරයා විශ්වාසයෙන් යුතුව පෙන්වා දී ඇත්තේ ආර්ථික අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගැනීමට හැකිවනු ඇති බවය.

මේය තීරණාත්මක අවස්ථාවකි. මෙහිදී සමාජයේ සෑම කණ්ඩායමක්ම වගකීම් සහගත ලෙස හැසිරෙන්නට වගබලා ගත යුතුය. අපට ඉබාගාතේ යන්නට කාලයක් නැත. ආවේග පිට කරමින් කෑගැසීමට ද කාලයක් නැත.මේ තත්ත්වයන් වටහාගෙන තීන්දු තීරණ ගත යුතුව තිබේ. මෙහි වගකීම දේශපාලකයන්ට, නිලධාරීන්ට පමණක් නොව, ජනතාවටත් ඇති බව තේරුම් ගත යුතුය.

-මහේෂි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us