කෘෂි රසායන තහනම ඉවත් කර මාස 6 යි. තවම බඩු ගේන්න සූදානමක් නෑ    

Published in පුවත්
Thursday, 02 June 2022 12:30

මෙයට මාස 7 කට පෙර, 2021 නොවැම්බර් මස කෘෂි රසායන ද්‍රව්‍ය ආයනය තහනම ඉවත් කරනු ලැබූ නමුත්, අද දක්වා වගාව රැක ගැනීමට අවශ්‍ය කෘෂි රසායන මෙරටට ලැබී නැත්තේ කෘෂිකර්ම බලධාරීන් මහ බැංකුවෙන් අදාල මුදල් ලබා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

හදිසි අවශ්‍යතාව මත කෘෂි රසායන ගෙන්වීම සඳහා විදේශ මුදල් නිදහස් කිරීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති සහ අගමැතිවරයාගෙන් ඉල්ලමින් ඔහු මේ බව දක්වා ඇත.

එම ලිපිවල තවදුරටත් දැක්වෙන්නේ, වී, බඩ ඉරිඟු, අර්තාපල්, එළවළු, පළතුරු, තේ ඇතුළු කිසිදු වගාවට දිලීර රෝග සහ කෘමි නාශක වලින් තොරව නිසි අස්වැන්නක් ලැබෙන්නේ නැත. වී, තේ සහ අනෙකුත් වගාවන්ගේ අස්වැන්න වල් නාශක නොමැති කම නිසා පහත වැටෙන බවත්, වී ඇස්වැන්න බොල් වී සහ පිදුරු බවට පත්ව ඇත්තේ වල් නාශක නොමැතිකම නිසා බවය.

මෙම වැසි සමයේ දිලීර නාශක නොමැතිව කිසිදු එළවළු හෝ පළතුරු වගාවක් ආරක්ෂා කර ගත නොහැකිය. දළු, මල්, ගෙඩි, මුල් සහ ගස් විනාශයට පත් වේ.

පොහොර නොමැතිකම හේතුවෙන් සිදුවන අස්වනු හානියට සමාන හෝ එයටත් වැඩි හානියක් කෘෂි රසායන නොමැතිවීම නිසා සිදුවේ.

1. කෘෂි රසායන ආනයනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු ආයතනයක් විදේශ මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස 6 තුල ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විධිමත් ඉල්ලීමක් කර නැත.

2. මෙරට කිසිදු කාෂි රාසායන අලෙවි සමාගමකට අවශ්‍ය ඩොලර් සැපයීමට ඔවුන්ගේ බැංකුකරුවන් ද තහනමෙන් පසුව සමත්වී නැත.

3. වත්මන් ආණ්ඩුව විසින් පත් කළ කෘෂිකර්ම කමිටු සහ වෙනත් කිසිදු කමිටුවකින් කෘෂි රසායන මිලදී ගැනීමට ඩොලර් ලබාගැනීමේ යාන්ත්‍රණයක් ද මේ දක්වා ගොඩ නගා නැත. අවම වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා වී හෝ නැත.

4. නව මුදල් අමාත්‍යවරයා ද, ලේකම්වරයා ද කෘෂි රාසායන සඳහා ඩොලර් ඉල්ලීමක් මේ දක්වා සිදු කර නැත.

කෘෂි රසායන ආනයනය සඳහා වසරකට අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 80 ක් පමණක් බවත්, එය මසකට ඩොලර් මිලියන 7 කි. පොහොර සඳහා අවශ්‍ය මිලියන 600 ක මුදල හා සැසදීමේ දී එය ඉතා කුඩාය. නමුත්, විනාශය අති විශාල ය.

කෘෂි රසායන ආනයනයෙන් තොරව වානිජ්‍ය කෘෂි වගාව සිදු කළ නොහැකි ය. වානිජ්‍ය වගාවක් නැතිව සාගතයක් වැලැක්විය නොහැකිය. කෘෂි රසායන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණයෙන් කොටසක් හෝ වහා නිදහස් කිරීමට රජයේ අවධානය දැන්වත් යොමු විය යුතුව ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
2022 ජූනි 2

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us