බස්නාහිර ගෙවතු 34,000 ක් වගා කෙරේ!

Published in පුවත්
Tuesday, 07 June 2022 21:23

ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත.

මේ යටතේ බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් පළාත් සභාවට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් සියලු ඉඩම් හා පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමක දී තීරණය කෙරිණි. මෙම රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදිය.

බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් වගා කිරිමේ ව්‍යාපෘතිය සදහා බීජ හා පොහොර ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දි බළධාරින්ට උපදෙස් දුන්නේය. මෙම ගෙවතු වගා වැඩසටහන පළාත පුරා විසිරී සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එක් කෘෂිකර්ම උපදේශකවරයෙකු යටතේ ගෙවතු 300 ක් වගා කෙරේ.
බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන මගින් ද විශේෂ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණ. ඒ අනුව කෙටිකාලීන බෝග මෙම රාජ්‍ය ආයතන සතු ඉඩම්වල වගා කිරිමට නියමිතයි. පළාතේ සියලුම ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ද මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

පළාත් ග්‍රාම සංවර්ධන අංශය හා පළාත් ඉඩම් දෙපාර්තුමේන්තුව සතු රජයේ ඉඩම් හා ජනපද ආශ්‍රිතව ද මෙම වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණි. බස්නාහිර පළාත් පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන යළි ආරම්භ කෙරේ. ඒ සදහා හදුනාගත් පුරන් කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරිමට ද මෙහි දී තීරණය කෙරිණ.

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිළධාරින් මෙහි දි කියා සිටියේ මාස තුන හමාරකින් අස්වනු ලැබෙන වී මෙම කුඹුරු ආශ්‍රිතව වගා කළ හැකි බවයි. ඒ සදහා කඩිනම් පියවර ගන්නා ලෙස ඇමතිවරයා මෙහිදි උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාතේ සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සදහා ඉදිරි මාස 03 ක කාලය තූළ විශේෂ අවධානය යොමු කිරීමට ද සාකච්ඡාවේ දි තිරණය කෙරිණ. ඒ අනුව කිකිළි පැටවුන් 15,000 ක් අඩු ආදායම්ලාභීන්ට ලබා දීමට පියවර ගැනේ. පළාතේ බිත්තර නිෂ්පාදන ඉහළ නැංවීම මෙහි අරමුණයි.

නාගරික ප්‍රදේශවල අවශ්‍යතාව හදුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභා නිළධාරින්ට මෙහි ද උපදෙස් දුන්නේය. බස්නාහිර පළාතේ මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා විශේෂ මෙහෙයුම් කමිටු 03 ක් ද ක්‍රියාත්මකයි.
කෙසේවෙතත් ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මේ හරහා පිළියම් සෙවිය හැකිය. එවිට එය අර්බුදයක් කරා ගමන් නොකරනුද ඇත..

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us