ඩොලර් අහේනියට පිළියම්. ශ්‍රී ලංකික දෙමළ ඩයස්පෝරා සංවිධාන තහනම ඉවතට !  

Published in පුවත්
Thursday, 16 June 2022 12:17

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විදෙස් ගත ශ්‍රී ලංකික දෙමළ ජනයාගෙන් ආධාර අපේක්ෂා කරන ආණ්ඩුව පසුගිය සමයේ මෙරට ත්‍රස්තවාදයට අනුබල දෙන සංවිධාන ලෙස සලකා තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශයට පත්කර තිබේ.

"2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ, නම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව සමාලෝචනය කෙරෙමින් පවතී. මේ වන විට පුද්ගලයින් 318 දෙනෙක් සහ හිමිකම් 04ක් ඉවත් කිරීම සඳහා යෝජිතව ඇත. මෙය අඛණ්ඩ ව්‍යායාමයක් ලෙස සිදු කෙරේ."

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් ඒ බව සදහන්කර ඇත්තේ ජුනි 13 වැනි දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි නිත්‍ය සැසිවාරය අමතමිනි.

ඩයස්පෝරා ප්‍රජාව සහ රටේ 'යහපැවැත්ම සඳහා කැපවී සිටින' සිවිල් සමාජ සංවිධාන සමඟ සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බවත් අමාත්‍යවරයා එහිදී පැවසු බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රබල සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් තහනම් කිරීමට 2021 වසරේ මාර්තු මාසයේදී ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කර තිබිණි.

ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොන්ග්‍රසය (ATC), කැනේඩියානු දෙමළ ජාතික සභාව, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහනම් කරන ලදී.

ඒවා අතුරින් ඇතැම් කණ්ඩායම් 2012 එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 (4) යටතේ 2014 දී තහනම් කරන ලද නමුත් 2015 දී රජය විසින් නැවත ලැයිස්තු ගත කර තිබිණි.

සංවිධාන තහනම් කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අත්සන් තබා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න විසිනි.

එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, මැලේසියාව සහ තවත් රටවල් කිහිපයක වෙසෙන පුද්ගලයන් ගණනාවක්ද රජය විසින් මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර තිබිණි.

රට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී මේ වසරේ මාර්තු මාසයේ කැඳවන ලද බහු පාක්ෂික සමුළුවකදී මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග පැවති හමුවකදීත් දෙමළ ඩයස්පෝරා ආයෝජන වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මනාපය පලවී තිබිණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශගත දෙමළ ජනතාවගේ මුදල් දිවයිනට අද්දවා දීම සඳහා 'පාලමක්' වීමටත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට සහතික වී තිබිණි.

පසුගිය අප්‍රේල් මාසයේදී උතුරේ සංචාරයක නිරතව වු කොළඹ එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් හමුවු අවස්ථාවේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා පවසා තිබුනේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් මුදල් ආයෝජනය කරන ලෙස ජනාධිපතිවරයා ඩයස්පෝරාවෙන් ඉල්ලා ඇති නමුත් එය ක්‍රියාවට නංවාලීමේදී බාධා රැසක් මතුවන බව යි.

ඒ වෙනුවෙන් පවතින නීති ක්‍රියාවලිය සංකීර්ණ බව පෙන්වා දී ඇති ආණ්ඩුකාරවරයා කොළඹ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලි චංග් ගෙන් උපකාර ඉල්ලා සිටි බව දෙමළ භාෂා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

 

theleader ඇසුරෙණි.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us