ආර්ථිකය හදන හැටි කියන්න අපි උදව් කරන්නම් - යුරෝපීය තානාපතිවරු ජනපතිට කියයි  

Published in පුවත්
Friday, 24 June 2022 17:58

ආර්ථිකය ගොඩනැගීමේ ඉදිරි සැලසුම් පිළිබඳව ලබා දෙන ස්ථිර පණිවිඩයක් මගින් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාවට පහසුවෙන් සහය විය හැකි බව යුරෝපා කලාපීය රටවල තානාපතිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකාශ කර තිබේ.

ඔවුන් අද (ජූනි 24) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත.

යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන ලෙස ත් මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහය දෙන බව ත් ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ප්‍රකශ කර තිබේ.

මෙරට ජනගහනයෙන් 90%ක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බව ත් ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබා දීමෙන් ගැටලු රැසකට මෙන් ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබා ගත හැකි බව ත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

කෘෂිකර්මාන්තය සඳහා උනන්දුවක් දක්වන පිරිස වෙනුවෙන් ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලෙස වගාකර නොමැති රජයේ ඉඩම් ලබාදීමට පියවර ගෙන ඇති අතර යුද්ධයෙන් පසු ඇති වූ මානුෂීය තත්ත්වයන් සැලකිල්ලට ගෙන දීර්ඝ කාලීන විසඳුම් ලබා දීමට ත් නීතිය ක්‍රියාත්මක වීමේ දී කිසි විටෙක ත් ඊට මැදිහත් නොවී පක්ෂ භේදයකින් තොරව සාධාරණව කටයුතු කර ඇති ආකාරය ත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් කර ඇත.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi), ප්‍රංශ තානාපති එරික් ලවෙර්ටු (Eric Lavertu), ඉතාලි ජනරජයේ තානාපති රීටා මැනෙලා (Rita Mannella), නෝර්වේ තානාපති ට්‍රින් යුරන්ලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal), නෙදර්ලන්ත තානාපති ටාන්‍යා හොන්ග්‍රිච් (Tanja Gonggrijp), ජර්මනියේ තානාපති හොල්ගර් ලොතර් සොයිබර්ට් (Holger Lothar Seubert), රුමේනියාවේ තානාපති ආචාර්ය වික්ටර් චියුඩියා (Victor Chiujdea), තුර්කි තානාපති රකිබේ ෂෙකර්ජිඕලූ (Rakibe Şekercioğlu), ස්විට්සර්ලන්ත සම්මේලනයේ තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominik Furgler), ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක සහ අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිට තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us