ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක තවත් ආධාරයක්

Published in පුවත්
Tuesday, 28 June 2022 22:49

අද පැවති G7 සමුළුවේදී එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා අතිරේක ආධාර වශයෙන් ඩොලර් මිලියන 20ක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

මේ යටතේ ඉදිරි මාස 15 තුළ ශ්‍රී ලාංකික දරුවන් 800,000 කට වැඩි පිරිසකට පෝෂණය සහ 27,000 කට අධික ගර්භනී සහ කිරි දෙන කාන්තාවන් සඳහා ආහාර වවුචර ලබා දෙන අතරම පාසල් පෝෂණ වැඩසටහනකට සහාය වීම ද මෙම අරමුදල්වල අරමුණය.

එසේම අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික ආධාර සහ මුදල් දායකත්වය තුළින් දළ වශයෙන් ගොවීන් 30,000 කට ආධාර කිරීමට ද මෙය සැලසුම් කර තිබේ.

"ජනාධිපති බයිඩන් විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ප්‍රකාශ කිරීම මගින් පෙන්නුම් කරන්නේ ආහාර සුරක්ෂිතතාව, මහජන සෞඛ්‍යය සහ සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික යහපැවැත්ම සඳහා එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීමයි" ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියාය.

අද ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 20 ක මානුෂීය ආධාර, අරමුදල් සපයනු ලබන්නේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහාය.

මීට අමතරව ඇමරිකාව විසින් මෙරට පීඩනයට ගොදුරුව සිටින පවුල් 30 ලක්ෂයකට ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් රුපියල් 15,000 බැගින් වන වව්චර් ප්‍රදානයක් ද අරම්බ කර තිබේ. එමෙන්ම මෙරට මුල්‍ය කළමණාකාර ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් තාක්ෂණික ආධාර ලබා දීමටද එකඟව තිබිණි.

වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින අර්බුධය ජය ගැනීමට රජය දරණ උත්සාහයට සහයක් ලෙස ඇමරිකාව ලබා දෙන මෙම ආධාර මේ මොහොතේ අතිශය වැදගත්ය. ආර්ථික අර්බුදය, මානුෂික අර්බුදයක් දක්වා ඇදි ඇදී ගොස් මහා ඛේදවාචකයක් නිර්මාණය වීමේ අනතුර මේ වන විට රට හමුවේ තිබේ. ආහාර සහ ඖෂධ මිළ අධික කම සහ හිඟතාවය ඉදිරියේදී විශාල බලපෑමක් සමස්ත සමාජය ට කරනු ඇතැයි මේ වන විට අණාවැකි පැවැසී ඇත.

එම තත්වය හමුවේ ඒ වැලැක්වීම අරමුණු කරගෙන මේ ලැබෙන ජාත්‍යන්තර ආධාර නිවැරදි ලෙස ලැබිය යුතු කොටස් වෙත නියමාකාරයෙන් ලැබීමට සැලැස්වීමේ පහසුකම් රජය සකසා දිය යුතුය. එමෙන්ම ජනතාව වෙතින්ද අනෙකාගේ වුවමණාව වෙනුවෙන් වන කැපවීම සිදුවිය යුතුය. ඇතිහැකි පිරිස් වෙතින් නැති බැරි පිරිසේ අවශ්‍යතාවයට මුල් තැන ලැබිය යුතුය.

සියළු දෙනා රටක් විදිහට එකම මිනිස් පරපුරක් විදිහට නැඟී සිටීමේ අධිෂ්ඨානය සහිත විය යුතුය.

- මහේෂි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us