ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි. ඒ්ත් මේ රාජපක්ෂ හොල්මන් එක්ක බෑ - හර්ෂ

Published in පුවත්
Friday, 12 August 2022 15:29

 රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ යැයිද විපක්ෂයේ හිටියත් එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවද හර්ෂ සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට එකඟ වෙමු යැයි කී හර්ෂ ද සිල්වා මහතා සර්ව පාක්ෂික රජයක් ගැන කතා කළේ තමාට ඇමතිකමක් ගන්න නොවේ යැයිද දැන් යන්න හදන්නේ සර්වපාක්ෂික නමැති බෝඩ් එකක් ගසා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමනක් යැයිද හර්ෂ ද සිල්වා මහතා කීය.

මෙහෙම ගියොත් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සහයෝගය ගන්නට නොහැකි වෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us