සංචාරක කර්මාන්තයෙන් ඩො. මි. 824.9ක ආදායමක්!

Published in පුවත්
Monday, 15 August 2022 11:28

පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ මුල් මාස 7ක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 824.9ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ක්ෂේත්‍රය සමත්ව තිබේ.

කෙසේ වුවද පසුගිය 2021 වසරේ එම කාලයේ දී සංචාරක ක්ෂේත්‍රයෙන් මෙරටට ලැබී තිබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 50.4ක් වන අතර මේ වසරේ දී එහි වර්ධනය සියයට 1536.8ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මේ වසරේ ජූලි මාසයේ දී පමණක් සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව උපයා තිබෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30.7ක් වන නමුත් පසුගිය වසරේ ජූලි මාසයේ දී උපයා තිබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1.3ක් තරම් අවම අගයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ ජූලි මාසයේ දී පමණක් විදෙස් සංචාරකයන් 47,293 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර එය පසුගිය වසරේ ජූලි මාසයේ මෙරටට පැමිණි 2,429ට සාපේක්ෂව සියයට 1,847.1ක වර්ධනයකි. ඊට අමතරව මේ වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 458,670ක් වන නමුත් පසුගිය වසරේ දී මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 194,495 දෙනකු බවද එම වාර්තාව පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us