ගාලුමුවදොර පිටිය අවසර නැතුව කිසි කටයුත්තක් බෑ !

Published in පුවත්
Wednesday, 17 August 2022 09:29

ගාලුමුවදොර පිටිය නිසි අවසරයකින් තොරව කිසිදු කටයුත්තකට නොදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.

යම් කිසිවකු යම් කටයුත්තකට නිසි අවසරයකින් ගාලුමුවදොර පිටිය ගෙන තිබුණ ද එහි කිසිදු ඉදි කිරීමකට කිසිදු අවසරයක් නොදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දිනමිණට පැවසීය.

යම් කරුණකට ගාලුමුවදොර පිටිය අවශ්‍ය නම් ඒ කුමන කටයුත්තකට ද, කුමක් සඳහා ද යන කරුණු සහිතව සම්පූර්ණ විස්තරයක් ඉදිරිපත් කළ යුතු අතර ගාලුමුවදොර පිටිය ගැනීමේදී ඒ සඳහා ගෙවීමක් නාගරික සංවර්ධන අධිකාරියට කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

ගාලුමුවදොර පිටිය යම් අවශ්‍යතාවක් සඳහා යොදා ගැනීමට අවශ්‍ය නම් බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටා ඇති නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ලබා ගත හැකිය.

නිසි අවසරයකින් තොරව ගාලුමුවදොර පිටිය යම් කරුණකට යොදා ගතහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us