ගෝඨාභයට එන්න දෙන්න.. බැසිල් ජනපතිගෙන් ඉල්ලයි

Published in පුවත්
Friday, 19 August 2022 10:44

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්න යැයි පොදුජන පෙරමුණ ජනාධිපතිගෙන් ඉල්ලා ඇත් බව වාර්ථා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ(අගෝ: 18) පස්වරුවේ නිල සාකච්ඡාවක් සදහා ජනාධිපතිවරයා හමු වී ඇති අතර එම සාකච්ඡාව ජනාධිපති කාර්‍යාලයේදී පවත්වා ඇත.

මෙහිදී අදහස් පල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවතින ආර්ථික අර්බුදය විසදමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බව පවසා ඇත.

ඊට අමතරව ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව ද එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බවද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමිපාණන් ඇතුළු නායක ස්වාමීන්වහන්සේලා කිහිපනමක්ම මේ ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් සිදුකර තිබිණි.

ඊයේ පැවති සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න සහභාගි වී ඇත..

ජනාධිපතිතුමාගේ පාර්ශවයන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන හා ශමල් සෙනෙවිරත්න සහභාගි වී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us