ගෝඨාභය නැවත දේශපාලනයට එන්නේ නෑ - ප්‍රසන්න

Published in පුවත්
Friday, 19 August 2022 15:20

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

 

හිටපු ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහනුවරදී අද (19) පෙරවරුවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට ඇති නිදහස හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාටද හිමිවිය යුතු බවත් ඔහු ඇමරිකානු පුරවැසිකම අත්හැර පැමිණියේ රටට සේවය කිරීමට බවත් අමාත්‍යවරයා කීවේය.

අරගලකරුවන්ට බයේ ඔහුට පිටරට හැංගි සිටීමට ඉඩ දිය නොහැකි බවත් එසේ කළ හොත් ඔහුගේ මානව හිමිකම් කඩ වන බවත් ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කර ඔහුට නැවත මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසුවේය.

එමෙන්ම ඉතාම ඉක්මනින් අන්තර්කාලීන ආණ්ඩුවක් හෝ අන්තර් කාලීන පාලනයක් පිහිටුවීමට පියවර ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව පැවසූ අමාත්‍යවරයා මේ ප්‍රශ්නය තවදුරටත් ඇදී යාමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කළේය.

රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින හෙයින් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහාය දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

අදටත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 145ක් සිටින බව පැවසූ ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජන්දයෙදි පොදුජන පෙරමුණේ ජන්ද 125 ට වැඩි ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණ බවද සිහිපත් කළේය.

රටේ ප්‍රශ්න විසඳීමට පාර්ලිමේන්තුවේ ඒ බහුතරය ලොකු ශක්තියක් බවද හෙතෙම සඳහන් කළේය.

එසේම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත් බහුතරයක් අද විපක්ෂයේ සිටින බවත් ඉකුත් ආණ්ඩු කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ සංධානය වැනි පක්ෂ හිටියේද වත්මන් ජනාධිපතිවරයා සමඟ බවත් ඔහු කීවේය

ජනාධිපතිවරයා සමඟ වැඩ කිරීම කාටත් වඩා ඔවුන්ට පහසු යැයිද අමාත්‍යවරයා පැවසීය.

සර්වපාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩුවකට සහය දෙනවානම් සද්භාවයෙන් එය කරන්නැයි විපක්ෂ නායකවරයා ගෙන් ඉල්ලා සිටින බව පැවසූ රණතුංග මහතා අමාත්‍යවරුන් පත්කිරීමේදී ඒ සඳහා සුදුසු පුද්ගලයන් නම්කිරීමේ බලය පක්ෂවලටම ලබාදීමට තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.

 

 

 lankadeepa

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us