නව කැබිනට් මණ්ඩලය අතුරු අයවැයෙන් පසුව

Published in පුවත්
Thursday, 25 August 2022 10:18

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සර්ව පාක්ෂික වැඩපිළිවෙළ යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ය.

ලබන 30 වැනි දා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරීමට නියමිතය.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත. වාර්තා වන ආකාරයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සහයෝගය නොලැබුණත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට යටත් මුහුණුවරක් ගත් ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ උත්සාහය වී තිබේ.

මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිප දෙනෙකු ද සමගි ජන බලවේගයේ පිරිසක් ද ඇතුළත් වනු ඇති බව යි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ තමන් සමඟ ජව සම්පන්නව කටයුතු කළ හැකි පිරිසක් කැබිනට් මණඩලයට පත්කරන බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us