ජපන් ජනතාවගෙන් මානුෂීය ආධාර ප්‍රදානයක්...

Published in පුවත්
Tuesday, 30 August 2022 11:51

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපන් ජනතාවගේ ප්‍රදානයක් ලෙසින් මෙට්‍රික් ටොන් 2000ක වටිනාකමින් යුතු ආහාර තොගයක් ශ්‍රී ලාංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා විසින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ ( 29) භාර දෙන ලදී.

මෙම මානුෂීය ආධාර තොගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක වටිනාකමින් යුතු සහල්,රතු පරිප්පු සහ ෆාම් ඔයිල් තොගයක් ඇතුළත්වෙයි .මෙම ආහාර තොගය එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා නාගරිකව සහ ග්‍රාමීයව වෙසෙන 15,000 අධික ජනතාවකට සහ පාසල් දරුවන් තුන්ලක්ෂ අසූ දහසකට බෙදාදීමට නියමිතයි.

ශ්‍රී ලංකීය ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ම අවස්ථාවක මෙම මානුෂීය ආධාර ලබා දීම පිළිබදව ජපාන ජනතාව වෙත සිය ස්තූතියි පිරිනමන බවයි.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික් මහතා, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් මුස්තාෆා නිමාත්,ටාන්යා ජාන්ස් ඇතුළු පිරිසක් සහ වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී කොඩිකාර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් එක් වූහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us