පොහොට්ටුව විරුද්ධ වූ කරුණු සියයට 80ක් රනිල්ගේ අයවැයේ - හර්ෂ

Published in පුවත්
Wednesday, 31 August 2022 11:10

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් බදු අය කෙරෙන පරිදි සංශෝධන සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අඩු ආදායම්ලාභී ජනතාවට විශාල බලපෑමක් සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා ඉහළ ආදායම් ලබන්නන් වැඩි බදු මුදලක් ගෙවන පරිදි බදු ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බව ද පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (30) පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් දක්වා සිටියේය.

රටේ ආර්ථිකය ගොඩනැගීමේ සැලැස්මක් අතුරු අයවැය යෝජනාවක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

අපි ඉදිරිපත් කළ බොහෝ දේ එහි ආවරණය කරනවා. විශේෂයෙන්ම පොදුජන පෙරමුණ විරුද්ධ වූ කරුණුවලින් සියයට 80ක් එහි තිබෙනවා. ඉතින් මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එකයි ගැටලුව. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයට අපි එකඟයි. ආර්ථික ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගත යුතු බව අපි මුල සිටම කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා අපි 2020 දී දැනුම් දීලා තිබුණා. නමුත් පොදුජන පෙරමුණ පක්‍ෂය කිව්වේ අපේ මිනී උඩින් යන්න වෙයි කියලා. ඒකයි දැන් රට අගාධයට ගිහින් තියෙන්නේ.

නමුත් දැන් ඔවුන්ට මේ අයවැයට සහය දෙන්න බල කරලා.

ජනාධිපතිතුමා යෝජනා කරන බදු ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් එකඟ වෙන්න බැහැ. නිෂ්පාදන බද්ද 12% සිට 15% දක්වා වැඩි කර තිබෙනවා.

ඒ සමඟම ආදායම් බද්ද ලෙස සියයට දෙකහමාරක බද්දක් අය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බද්ද සියයට 20 දක්වා වැඩි කෙරෙනවා. අඩු ආදායම්ලාභීන්ට මෙම බද්දෙන් වැඩිම හානියක් සිදුවනවා. ඉහළ ආදායම් ලබන්නන්ට වැඩි බදු අය කරන බදු ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරනවා. අපි ඒක බලාපොරොත්තු වුණා. එබැවින් මෙම බදු ප්‍රතිපත්තිය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us