රනිල් කිව්වා වගේම වැඩේ කරලා පෙන්නුවා. Featured

Published in පුවත්
Thursday, 01 September 2022 11:43

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුගේ ප්‍රමුඛ කටයුත්ත වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමය. අද එය සාර්ථක කර ගැනීමට ඔහු ඇතුළු නිලධාරීන්ට හැකිව තිබේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා දීමට එකඟ බව අද දින නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.

මෙම ණය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් අරමුදල හමුවේ දැඩි කොන්දසි වලට යටත්වීම නොවිය යුතු බවත් අරමුදලේ ණය අරගෙන ගොඩ ගිය රටවල් නොමැති බවත් කියමින් මේ කටයුත්ත කඩාකප්පල් කිරීමට දත කෑ විපක්ෂයක් මේ රටේ සිටී.

එසේම අරමුදලේ සාකච්ඡා සාර්ථතකව සිදුවෙමින් තිබියදී එම ණය මුදල් මෙරටට නොලැබෙන බවට ලොකු ප්‍රචාරයක් ගෙන ගිය අය ද සිටී. විශේෂයෙන්ම අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩ කටයුතු වල නිරත වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අරගලය මර්දනයක්ය, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වීමක්ය, මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්ය.. යැයි කියමින් මේ නිසා ජාතන්තරයේ සහය නොලැබෙන බවත් කියමින් නිකම් නොඉඳ එම ජාත්‍යන්තර සංවිධාන වලට පෙත්සම් ගසමින්, ගතු කියමින්, හමුවෙන්නත් ගොස් රටට එරෙහිව කරුණු දැක්වූවන්ද සිටියහ.

නමුත් මේ කඩාකප්පල් කාරීන්ගේ දේාශපලනික වුවමණාව මුළුමනින්ම පරාජයට පත් කරමින් අද ජනාධිපති රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙල පිළිගනිමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අදාල ණය පහසුකම් ලබා දීමට එකඟව තිබේ.

මෙය රටේ ජනතාව ලත් ජයග්‍රහණයකි. ආර්ථික අර්බුද හමුවේ එයින් ගොඩ ඒමට සිතනන්වත් ඉතිරිව තිබූ එකම තෝරා ගැනීම බවට පත්ව තිබුණේ මෙම මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමම පමණය.

එය ලබා ගැනිමත් බරපතල අභියෝගයක් වූ නමුත් ජනධිපතිවරයා තමන්ගේ සමත්කම මෙහිදි පෙන්වා තිබේ. රාජ්‍ය නායකයතු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සියළු බාධා කිරීම්, අභියෝග හමුවේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඒ සියලු තත්වයන් ජයගැනීම දක්වා මෙහෙයවීමට සමත් වීම් මෙරට ඉතිහාසයේ කෙදිනක හෝ උස්ව සටහන් වන කරුණක් වෙනු ඇත.

රටක් විදිහට මෙම අවස්ථාව සැමරීමෙහි වරදක් නැත. මන්ද එතරම්ම අමාරු, අසීරු ,දුෂ්කර අඩිකයකට වැටී තිබු රටට දැන් හුස්මක් කටක් අරගෙන යළි නැගී සිටීමේ ස්වර්ණමය අවස්ථාවක් දැන් ලැබෙන නිසාය.

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය වැඩ පිළිවෙළ නිවැරදි දිශාවකට යොමු කිරීම මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම වෙනුවෙන් මූලික කටයුත්ත වූ අතර දෙවැනි කාරණාව වූයේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීමය. මේ වන විට ඒ තත්වයන්ද සාර්ථකත්වයට පත්ව ඇති අතර නුදුරේම රට ගොඩනැගීමට අවංක වුවමණාවක් සහිත පක්ෂ විපක්ෂ කොටස් එකතුකර ගත් නව ආණ්ඩුවක් සහ ආණ්ඩු ක්‍රමවේදයක් ස්ථාපිත කෙරෙනු ද ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us