ලිට්රෝ ගෑස් අඩුවේ. පාන් වැඩිවීම මාෆියා වැඩක්.

Published in පුවත්
Monday, 05 September 2022 10:45

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත හෙලීමට නියමිතය.

ගෑස් මිල ගණනය කරන සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි ලිට්රෝ සමාගම සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගෙන තිබිණි.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,664ක මිලකටයි.

කෙසේවෙතත් ගෑස් මිල අඩු වුවත් ආපනශාලවල ආහාර මිල ගණන් අඩු කිරිමට හැකියාවක් නොමැති බවයි සමස්ථ ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේය.

මේ අතර වෙළඳපොළේ පාන් පිටි මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන් පවසයි.

එය නතර කිරීම සඳහා රජය මැදිහත් විය යුතු බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

කෙසේවෙතත් පාරිභෝගික සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ මොහොතේ පාන් පිටි මිල ඉහල දැමීමට කිසිදු හේතුවක් නොමැති බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us