දේපොළ වන්දි ඩබල් කිරීමට රජය තීරණය කර නැහැ.

Published in පුවත්
Tuesday, 06 September 2022 12:26

පසුගිය මැයි 09 වනදා සහ ඒ ආසන්න දිනවල රට තුළ සිදුවූ කැරළිකාර සිදුවීම් මත විනාශයට පත් දේපොළ වෙනුවෙන් රජය සාධාරණ වන්දි මුදලක් ගෙවීමේ තීරණ ගෙන ඇතත් එම වන්දී මුදල දෙගුණ තෙගුණ කිරීමේ තීරණයක් ගෙන නැතැයි රජයේ තොරතුරු මාර්ග තවුරු කරයි.

අද දිනයේ 'දිවයින' පුවත්පත පළ කර තිබෙන ප්‍රධාන ශීර්ෂ පාඨය අනුව ඇතැම් දේශපලකයන් තම නිවාසවල වටිනාකම් සහ එම නිවාස වල තිබු භාණ්ඩ මිල මුදල් ආදිය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දී රජයේ තක්සේරු වටිනාකම් ඉහළ දමා ගැනීමෙ උත්සාහයක යෙදෙමින් තිබෙන බව වාර්තා කර ඇත.

කෙසේ නමුත් මෙම පුවත අවභාවිත කරමින් රජය විසින් දේශපාලකයන්ට ගෙවන වන්දි මුදල් දෙගුණ කිරීමට කටයුතු කරමින් තිබෙන බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සෙ බෙදා හැරෙමින් පවතී.

මේ වන විටත් අදාල නිවාස සම්බන්ධයෙන් රජයේ තක්සේරුකරුවන් විසින් අදාල විමර්ශන කරමින් එම වාර්තා පිළියෙල කරමින් පවතී. මෙම නිලධාරීන්ට දේපොළ හිමිකරුවන්ගෙන් බලපෑම හෝ වැරදි තොරතුරු ලබා දීම සිදුව ඇති නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් තිබේ. තමන්ගේ රාජකාරිය නිවැරදිව සිදු කිරීමේ බලය මේ රාජ්‍ය නිලධාරීන් සතුව තිබෙන අතර අනවශ්‍ය බලපැමක් සිදු කෙරේ නම් ගත හැකි නීතිමය පියවරයන්ද තිබේ. ඒ සඳහා රජයේ පූර්ණ සහයෝගය මෙන්ම ආරක්ෂාවද මෙම නිලධාරීන්ට තිබේ.

ඒ අනුව තක්සෙරු කිරීම නිවැරදිව සිදු වීම විය යුතු අතර අදාල අලාබයන් සඳහා රජය පිළිගන්නා තක්සේරු ක්‍රමවේදය අනුව සාධාරණය ඉ‍ටු විය යුතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us