අරගලයේ ඉල්ලීමක් වූ මහජන කවුන්සිලය, ජනසභා නමින් පිහි‍ටුවයි

Published in පුවත්
Wednesday, 07 September 2022 13:48

ගාළු මුවදොර අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ, සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒ්වා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සදහා වන ව්‍යුහයක් ගොඩ නැගීම ක්‍රියාත්මක වන ලකුණු පහළව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ගනනාවක්ම පසුගිය කාලසීමාවේදී සිදු කෙරිණි.මේ සඳහා සාධාර්ණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මූලික කාර්යභාර්‍යයක් ඉටු කරන ලදී.

මෙහිදී ග්‍රාම සේවා වසම් දෙකක් කේන්ද්‍ර කරගෙන එක් ජනසභාව බැගින් පිහිටුවීමටත් එම සාමාජිකත්වයෝ යෝජනා සම්මතයෙන් ජාතික මට්ටමේ නියොජනයත් සහිත ජනසභා ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත .

ජනසභා, තරුණ ප්‍රජාව, පූජ්‍ය පක්ෂය හා ගමෙහි ප්‍රධාන වගකිව යුතු පාර්ශ්වයන් එක් කොට ගෙන ගොඩ නැගෙන අතර එම ජනසභා දිස්ත්‍රික්ක මට්ටමින් සාකච්ඡා වන තවත් සංවිධාන ව්‍යුහයක් මගින් සෘජුව බලාධිකාරයන් වෙත සම්ප්‍රේෂණය වීම දක්වා වන ගලායාමක් සිදුවන ආකාරයකින් පිහිටු වනු ඇත.

ජනසභා ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන මූලස්ථානය පිහිටුවීම හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් හා ප්‍රවීන ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ මූලිකත්වයෙන් සිදුවේ.

මේ පිළිබදව කළ මූලික සාකච්ඡාව සදහා ජනාධිපතිවරයා සමග කරූ ජයසූරිය, වික්ටර් අයිවන්, රංජිත් කීර්ති තෙන්නකෝන්, වරුණ දීප්ත රාජපක්ෂ, නීතිඥ අකලංක හෙට්ටි ආරච්චි, සුජාතා ගමගේ හා සංජීව විමලගුණරත්න යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us