ගිය වසරට වඩා සංචාරකයන්ගේ පැමිණීම තෙගුණයක වැඩිවීමක්

Published in පුවත්
Monday, 19 September 2022 16:13

මෙම වසරේ (2022) මුල් මාස 08 තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 496,430 ක් වන අතර එය පසුගිය වසරට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක. වර්ධනයත් බව වාර්ථා වේ.

2021 වසර අවසාන විට විදෙස් සංචාරකයින් 194,495 ක් පැමිණ තිබු බව වාර්ථා විය. ඒ අනුව පසුගිය වසරට වඩා මෙම වසරේ දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් සංචාරක පැමිණීම වර්ධනය වී තිබේ. වසර අවසන් වන විට තුන් ගුණයක පමණ වර්ධනයක් අපේක්ෂා කරයි.

2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 ක කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම ඩොලර් මිලියන 892.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී. ඒ අනුව මෙම වසරේ මෙතෙක් ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇතැයි ද උපකල්පනය කෙරේ.

2022 අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 37,760 ක් වේ. අගෝස්තු මාසය තුළ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය සටහන් වන්නේ ඩොලර් මිලියන 67.9 ක් ලෙසය.

මේ වසරේ (2022) මෙරටට ලක්ෂ 11 ක පමණ විදෙස් සංචාරකයන් පැමිණෙනු ඇතැයි වසර ආරම්භයේ දී අපේක්ෂා කළේය. එහෙත් රට තුළ අප්‍රේල් මාසයේ සිට ඇතිවූ ආර්ථික අර්බුද සහ කැරළිකාරිත්වය සහ දේශපාලන ව්‍යාකූලත්වයන් නිසා සංචාරක පැමිණීම් අඩාල විය. කෙසේ නමුත් ජුලී මාසයෙන් පසුව යළි වර්ධනයක් පෙන්නුම් කළේය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත වලට අනුව 2019 වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,913,702 ක් වන අතර එම වසරේ පමණක් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය හරහා ඉපැයූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3,606.9කි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,380.6 ක් වූ බව වාර්තාගතව තිබිණි.

රජයේ ඉලක්කය වන්නේ වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක පමණ ආදායමක් සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීමය. මේ වන විට රට යථා තත්වයට පත්වෙමින් තිබෙන අතර ඉදිරි මාස කිහිපයේදී සංචාරක පැමීණීම් වර්ධනයක්ද අපේක්ෂා කරයි.

විශේෂයෙන්ම මේ වන විට අමරිකානු සහ යුරෝපා කලාප තුළ ඇති වී තිබෙන ඉහළ උද්ධමනකාරිත්වය නිසා සහ එළැඹෙන ශීත කාලය තුළ ඒ තවදුරටත් ඉහළ යෑමේ අවදානම මත ශ්‍රී ලංකාව වැනි රටවල් වලට සංක්‍රමණය වීම් වැඩි වෙනු ඇති බව මේ සම්බන්ධ තොරතුරු මාර්ග පෙන්වා දෙයි. මේ අනුව මෙම අවස්ථාවෙන් උපරිම වාසිය ලබාගැනීමට මෙරට සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයට හැකි වේ නම් එය රටට මේ අර්බුධ මොහොතේ විශාල ජයග්‍රහණයක් වෙනු ඇත.

කෙසේ නමුත් සංචාරක කර්මාන්ත යළි නඟා සිටුවීම වෙනුවෙන් රජය මේ මොහොතේ විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. එහෙත් මේ වෙනුවෙන් රජයට ලැබිය යුතු සහයෝගය වෙනුවට රට සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට ගෙන යෑමේ තුච්ඡ දේශපාලනික ව්‍යාපාරයන්ද දියත් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us