යල් පැන ගිය රෙගුලාසි ලිහිල් කරන ලෙස ආයෝජකයන් ඉල්ලයි.

Published in පුවත්
Friday, 07 October 2022 12:26

වෙළඳාමේ වර්ධනය සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා යල් පැන ගිය ඇතැම් රෙගුලාසි ලිහිල් කරන ලෙස ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටියහ.

‟ෂයින් ශ්‍රී ලංකා″ වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ (ICF) නියෝජිතයින් 2022.10.06 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී මෙම ඉල්ලීම කර තිබේ..

මෙහිදී ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් තුළ ශ්‍රී ලංකාව ලබා ඇති මූලික ජයග්‍රහණ පිළිබඳව ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීහු සිය ප්‍රසාදය පළ කළ අතර එම ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබාගත හැකි නව ක්ෂේත්‍රයන් හී ඉන්දීය ආයෝජන ප්‍රවර්ධනය කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වා දී ඇත.

ද්විපාර්ශ්වීය වෙළෙඳාම තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ ඉන්දීය තාක්ෂණික දැනුම හඳුන්වා දිය හැකි නව ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජන වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණී.

ශ්‍රී ලංකා ආර්ථිකයට සැලකිය යුතු ආයෝජන ගෙන ඒම, අපනයන ඉපැයීම්, රැකියා උත්පාදනය , සෘජු හා වක්‍ර බදු හරහා භාණ්ඩාගාරයේ දායකත්වය වැඩි කිරීම වැනි ක්‍රම මගින් මෙරට ආර්ථිකයට සහයෝගයක් ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා ඉන්දීය සමාගම්වලට ස්තුතිය පළ කළේය.

ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්ගේ සභාපති ටී.එස්. ප්‍රකාශ් මහතා මෙහිදී සඳහන් කළේ මෝටර් රථ, බැංකු, සිමෙන්ති සහ FMCG සිට ඉන්ධන, වීදුරු, සංචාරක ක්ෂේත්‍රය,, යටිතල පහසුකම්, සැපයුම්, ඇසුරුම්, තීන්ත සහ ඖෂධ දක්වා විවිධ කර්මාන්ත සාමාජික සමාගම් නියෝජනය කරන බවයි.

නව ක්ෂේත්‍ර වෙත පිවිසීමේ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ විශාල විභවයක් ඇති වෙළඳාම සහ ආයෝජන මෙන්ම සංචාරක ප්‍රවර්ධනය සඳහා ICF විසින් ‘Shine Lanka’ වේදිකාව දියත් කර ඇති බවයි.

ඉන්දියානු ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, පවතින ආර්ථික සහයෝගීතාව ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, මෙන්ම ඉන්දියානු සම්භවයක් ඇති ව්‍යාපාරික නායකයින් සඳහා විවෘත සංසදයක් සැපයීම ICF හි අරමුණ බව ද ඔහු පැවසීය.

මෙම හමුවට ඉන්දියානු විධායක නිළධාරීන්ගේ සංගමයේ උමේෂ් ගෞතම්, කිෂෝර් රෙඩ්ඩි මනෝජ් ගුප්තා , අශිෂ් චන්ද්‍ර, හරික්‍රිෂ්ණන් සුන්දරම්, ගිරීෂ් මන්ජෙෂ්වර්, අනුරාග් ෂර්මා යන මහත්වරැන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us