නෙළුම් කුලුනෙන් පහළට පනින්න කැමැති අයට ඉඩ Featured

Published in පුවත්
Monday, 10 October 2022 09:15

නෙළුම් කුලුනේ සිට රැහැන් ආධාරයෙන් පහළට පැනීමේ ‘බංජි පිමි’ ක්‍රීඩාව ලබන වසරේ ජනවාරි 1 වන දා සිට හඳුන්වා දීමට නෙළුම් කුලුන කළමනාකාරිත්ව ආයතනය පියවර ගෙන තිබේ.

සිංගප්පූරු සමාගමක් සමග පසුගිය දා මීට අදාළ ගිවිසුමකට ද එළඹ ඇත.

නෙළුම් කුලුන මුදුනේ ඉදි කෙරෙන විශේෂ පීඨිකාවක සිට මීටර් 260ක් පහළට පැනීම මෙහිදී සිදු කෙරේ.

විදේශීය අයට මෙන් ම දේශීය අයට ද මෙම ක්‍රීඩාව සඳහා සහභාගි විය හැකි අතර දේශීය අයට අඩු මුදලක් අය කිරීමට පියවර ගෙන ඇත.

දිනකට පැනුම් වාර 100ක් කෙරෙන අතර රාත්‍රි කාලයේ නෙළුම් කුලුන ආලෝකවත් කිරීමෙන් පසුව එවැනි පැනුම් වාර 30ක් 40ක් කිරීමට ද සැලසුම් කර තිබේ.

ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන තරගයකින් තෝරා ගන්නා ක්‍රීඩකයන් කිහිප දෙනකුට නොමිලේ පැනීමට අවස්ථාව ලබා දෙන බව ද නෙළුම් කුලුන කළමනාකාරිත්ව පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ පැවසීය.

විදේශීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us